Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාව අවසන් තරගය අබියස
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

ශ්‍රී ලංකාව අවසන් තරගය අබියස

editorial - 2021 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
සත්කාරක බංග්ලාදේශය අද (26) පස්වරුවේදී වට 3-1කට පරාජය කළ ශ්‍රී ලංකාව ‘ඩකා‘ නුවරදී දැන් පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගමාලාවේ පිරිමි අවසන් මහතරගයට සුදුසුකම් ලබාගත්තේය. ඒ ලකුණු 17/25, 26/24, 25/18, 25/21 ක් පරිදි බංග්ලාදේශය පරාජය කරමිනි.

තරගමාලාවේ අවසන් මහ තරග අනිද්දා (28) පැවැත්වීමට නියමිතය.

සත්කාරක බංග්ලාදේශය තරග 3-0 කින් පරාජයට පත් කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව හෙට (27) කසකස්තානය පරාජයට පත් කිරීමටද සමත් වුවහොත් ඩකා නුවරදී දැන් පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා)  තරගාවලියේ අවසන් මහ තරගයට වරම් ලබයි.

අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරාජය කළේ ලකුණු 25/09-25/14-25/09ක් පරිදිය.

කාන්තා තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවට සහභාගි වූ තරග හතකරදී නේපාලයට පමණක් වට 3/2 කින් පරාජය වී සෙසු තරග ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව පෙර පැවැති මූලික වටයේ සියලු තරග ජයගැනීමට සමත්විය. ඊයේ (25) නේපාලයට එරෙහිව පැවැති තරගයේ ජයග්‍රහණයද දායක විය.  වට 3-2ක තියුණු ජයක් ලැබීමට එහිදී ශ්‍රී ලංකාව සමත්විය. ඒ ලකුණු 25/10-25/21-15/29-19/25 හා 15/13ක් පරිදිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය. පළමු හා දෙවැනි වට දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තත් අනපේක්ෂිත ලෙස තෙවැනි හා සිව්වැනි යන වටවල පිට පිටම ජයග්‍රහන ලැබුවේ නේපාලය විසිනි.

 ඒ තුළ තරගයේ අවසන් (පස්වැනි) වටය දෙපිල අතර ජයග්‍රහණය දෝලනය වන අවස්ථාවක් බවට පත්විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ නේපාල ක්‍රීඩකයන්ගේ බලවත් ප්‍රතිරෝධය මැඩ පවත්වමින් එම වටය 15/13ජය ගත්හ. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ඉන්දීවරය.

ඒ අතරට ඊයේ පැවැති කාන්තා තරගාවලියේ තවත් තරගයකදී ශ්‍රී ලංකාව විසින් මාලදිවයින වට 3/0 කින් පරාජය කරන ලදී. ඒ 25/15 ක්, 25/14 ක් සහ 25/13ක් පරිදිය.

ඩකා නුවරදී දැන් පැවැත්වෙන මෙම තරග මාලාවේ ජයග්‍රාහණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ දකුණු ආසියාවේ සිය ප්‍රතිවාදීන් බවට පත්ව සිටින රටවල් කීපයක්ද ඊට සහභාගි වී සිටීමය.

විශේෂයෙන්ම දකුණු ආසියානු ප්‍රතිවාදීන් අවසන් වරට මුණ ගැසුණු 2019 කත්මන්ඩු සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් දිස් වූයේ කඩා වැටීමකි.

 පිරිමි හා කාන්තා තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාවට එහිදී සිදුවූයේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමටය. 1991 කොළඹ පැවති සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වොලිබෝල් (කාන්තා) රන් පදක්කම දිනා මෙම වසරට තිස් වසරකි.

එදා මෙදා තුර ජත්‍යන්තර වොලිබෝල් පිටියේ  ශ්‍රී ලංකාව  එවැනි දස්කමක් යළි ප්‍රදර්ශනය කිරීමට සමත් වී නොමැත.


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් තරගය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.