
(නාමල් පතිරගේ)
පුහුණු තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පිරිමි කණ්ඩායම හෙට 8 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එහිදී මාලදිවයින් ජාතික වොලිබෝල් කණ්ඩායම සමග තරග තුනකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වේ.
මෙම තරග හෙට සිට ලබන සදුදා 13 දක්වා පැවැත්වේ. ලසිදු මෙත්මාල් වසන්තප්‍රිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ප්‍රධාන පුහුණුකරු වන්නේ චන්න ජයසේකර මහතායි.
මාලදිවයින බලා යන සංචාරක ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම
අසුන්ගෙන (වමේ සිට)
අයේෂ් දිල්හාන් (උපනායක) නිශාන් ඉන්දික (සහාය පුහුණුකරු) නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා (කළමනාකරු) චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු) සුසිරි මංගල කුමාර (සහය පුහුණුකරු) ලසිදු මෙත්මාල් (කණ්ඩායමේ නායක)
පෙල (වමේ සිට)
මනෝජ් සුරංග,මහේෂ් චන්ද්‍රකුමාර,රුචිර සම්පත්, විදුර ප්‍රහාත්, තරුෂ චමත්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, විනෝද් මධුරංග, හරිත හෂාන්, ඉසුරු මධුෂාන්, ධනුෂ්ක දිල්ෂාන්, එ ඩබ් ලක්මාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.