Last Update  :  2024-05-08 16:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා වොලිබෝල් පිල ආසියානු සමුළු තරගාවලියට

ශ්‍රී ලංකා වොලිබෝල් පිල ආසියානු සමුළු තරගාවලියට

editorial - 2023 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීන – තයිපේ හිදී ජුලි 6 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන සිව්වැනි ආසියානු සමුළු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික (පිරිමි) වොලිබෝලි කණ්ඩායම බදාදා (5) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

රටවල් 17ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වදියි. එහිදී ප්‍රතිවාදීන් ලෙස මුණගැසෙන ඉන්දුනීසියාව සමග ජුලි 8 වැනිදාත් බහරෙන් සමග ජුලි 9 වැනිදාත් තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක ලෝක ශූරතා ජාතීන්ගේ (නේෂන්) වොලිබෝල් ලීග් ශූරතා තරග මාලාවට නිර්දේශ ලබයි. වසර 2021 සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැති ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරාවලියට සහභාගි වීමට අසාර්ථක වීමෙන් පසුව මෙරට ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය මෙයයි.

ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් රැසකට කොවිඩ් වැළඳීමෙන් අවසන් මොහොතේ ජපන් සංචාරය අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

දීප්ති රොමේෂ් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ජාතික වොලිබෝල් (පිරිමි) පුහුණුකරු වන්නේ ජයසේකර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කලකට පසුව වඩාත් ශක්තිමත් කණ්ඩායමක් තරගාවලියට සූදානම් කිරීමට සිය සම්මේලනයට හැකියාව ලැබුණු බැවින් තරග ප්‍රතිඵලය කෙරෙහි වඩාත් විශ්වාස පෙරදැරිව පසුවන බවයි.

මෙම තරග සංචාරය සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහය දක්වා තිබේ. මූලික වටයේ දී ඉදිරියට යාමට අපොහොසත් වන කණ්ඩායම් අනතුරුව ශ්‍රේණිගත තරග වටයට යොමු කෙරේ.


ආසියානු සමුළු අභියෝග ශූරතා වොලිබෝල්  තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම.

ලසිදු මෙත්මාල් (උපනායක), නිෂාන් ඉන්දික මහතා - සහාය පුහුණුකරු, චන්න ජයසේකර - ප්‍රධාන පුහුණුකරු, අරුණ ශාන්ත මහතා - කළමණාකරු, සුසිරි මංගල – අභ්‍යාසක, දීප්ති රොමේෂ් - නායිකාව

මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු ලක්මාල්, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මලිත් දිනිදු, ෂොන් ලක්ෂිත, මහේෂ් වන්නිගමගේ, මනෝජ් සුරංග


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල ආසියානු සමුළු තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.