Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා නායකත්වය දිනේෂාට

ශ්‍රී ලංකා නායකත්වය දිනේෂාට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අාසියානු කුසලාන කාන්තා වොලිබෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂා ප්‍රසාදිනී නම් කර තිබේ. මෙම තරගාවලිය ලබන අගෝස්තු මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා සහ ලගුනා යන නගර වලදී පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට යුද හමුදා ක්‍රීඩිකාවන් 7 ක්ද, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් 3 ක්ද, වරාය අධිකාරිය සහ නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවක් බැගින්ද ඇතුළත්ව සිටිති.

මෙම තරගාවලියට රටවල් 14 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. ‘සී’ කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ වියට්නායමය, දකුණු කොරියාව සහ නවසීලන්තයයි.

එහිදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අගෝස්තු මස 9 වැනිදා වියට්නායමයට එරෙහිවද, දෙවැනි තරගය අගෝස්තු මස 10 වැනිදා දකුණු කොරියාවට එරෙහිවද, තෙවැනි තරගය අගෝස්තු මස 11 වැනිදා නවසීලන්තයට එරෙහිවද පැවැත්වේ.

යුද හමුදාවේ ඉරේෂා සුරංගනී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දරන අතර සුමිත් ජයලාල් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. එන්. අයි. ප්‍රනාන්දු සහ සුසිරි මංගල යන මහත්වරු සහායක පුහුණුකරුවන් ලෙසද, එල්. පී. ජයවර්ධන මහත්මිය කාන්තාවන් භාර නිලධාරිනිය ලෙසද කණ්ඩායමට එක්ව සිටින අතර ටී. එස්. පෙරේරා මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙස තරගාවලියට සහභාගි වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් ප්‍රසාදිනී (ගුවන් හමුදාව - නායිකා), ඉරේෂා සුරංගනී (යුද හමුදාව - උප නායිකා), හෂිනි ලක්ෂිකා (යුද හමුදාව), අප්සරා සෙව්මාලි (යුද හමුදාව), අයේෂා මධුරිකා (යුද හමුදාව), වාසනා මධුමාලි (වරාය අධිකාරිය), තිලිණි වාසනා (යුද හමුදාව), චතුරිකා ගයනි (ගුවන් හමුදාව), කාංචනා දිල්හානි (යුද හමුදාව), සංජීවනී කරුණාරත්න (යුද හමුදාව), අශානි චමෝදිකා (ගුවන් හමුදාව) සහ දිලූෂා සංජීවනී (නාවික හමුදාව)

 


අදහස් (0)

ශ්‍රී ලංකා නායකත්වය දිනේෂාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.