Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ඉන්දුනීසියාව පරදවති
ආසියානු - පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ඉන්දුනීසියාව පරදවති

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

මේ දිනවල දකුණු තායිලන්තයේ සොංක්ලා නුවර  සමීලා මුහුද තීරයේදී පැවැත්වෙන 23 වන ආසියානු - පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලියේ ආරම්භක දිනය වූ ඉරිදා (14) සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා II කණ්ඩායම  සමත් විය. කාන්තා තරගාවලියේ ‘එච්‘ කාණ්ඩය යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකා කාන්තා  අංක II කණ්ඩායම ඉන්දුනීසියානු  කාන්තා II  කණ්ඩායම පරාජය කරමින් ලකුණු 16/21, 21/14 සහ 15/10 ලෙසජය ගැනීමට සමත් විය.

කාන්තා තරගාවලියේ 'ජී' කාණ්ඩය යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකා කාන්තා අංක  II  කණ්ඩායම තරගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස සැලකෙන තායිලන්ත කාන්තා IV කණ්ඩායම වෙතින් 21/17  සහ 21/13 ක පරාජයක් ලැබීය.

පිරිමි කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා අංක I කණ්ඩායම ඕස්ට්‍රේලියානු අංක II කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 21/19, 21/14 පරාජයක් අත්කරගත් අතර  ශ්‍රී ලංකා පිරිමි අංක II කණ්ඩායම  ප්‍රබල තායිලන්ත අංක II කණ්ඩායම හමුවේ ලකුණු  21/13  සහ 21/17  පරාජයක් ලැබීය.

ආසියානු - පැසිපික්  වෙරළ වොලිබෝල් තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙන්නකි.

මෙවර තරගාවලියට සහභාගි වීමේදී කණ්ඩායම් මෙන්ම පෞද්ගලිකව ක්‍රීඩකයන් වෙතද ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් හිමි කර දෙනු ලබන ප්‍රසාද ලකුණු සටහන යටතේ කිසිදු  ප්‍රසාද ලකුණක් නොමැතිව තරගාවලියට සහභාගිවීමට සිදුවිය. ඒ හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ඉතා ප්‍රබල කණ්ඩායම් සමග තරග කර අවසන් කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලබාගැනීමට සිදුව ඇත.

තරගාවලිය තුළ රැඳී සිටින ප්‍රබලම කණ්ඩායමක් ලෙස සැලකෙන චීන අංක II කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිරිමි අංක I කණ්ඩායම ප්‍රබල සටනක් දී තරඟ වට  3-2 පරාජයක් හිමි කරගත්තේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව විසින් පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා  කණ්ඩායම්දෙකක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

පිරිමි I කණ්ඩායමට සඳුන් ප්‍රනාන්දු සහ අංජන සංදීපත්,  පිරිමි II කණ්ඩායමට දිලීප සේනාරත්න සහ මලින් ඩිල්ෂාන් දෙදෙනාත් ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කාන්තා I කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකාවන් වන්නේ ෂෙහානි වත්තලගේ සහ චතුරිකා වීරසිංහ දෙදෙනායි. ශ්‍රී ලංකා කාන්තා  II  කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රිඩිකාවන් වන්නේ  තුෂාරි ජයලත් සහ දිනේෂා ප්‍රසාදිනි දෙදෙනාය.

පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටිරෝන් පෙරේරා මහතාත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරණීය ලෙස තක්ෂිලා නිරංජලී මෙනවියත් කටයුතු කරති.

කණ්ඩායම් කළමනාකරු ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන සංවිධායක ධනපාල ජයපත්ම මහතා කටයුතු කරයි.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ඉන්දුනීසියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.