Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා-ඉන්දුනීසියා තරගය අද

ශ්‍රී ලංකා-ඉන්දුනීසියා තරගය අද

editorial - 2023 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීන – තයිපේ හිදී ආරම්භ වූ සිවුවැනි ආසියානු සමුළු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරාවලියට සහභාගි  සිටින  ශ්‍රී ලංකා ජාතික (පිරිමි) වොලිබෝල් කණ්ඩායම අද (8) ඉන්දුනීසියාව සමග සිය  පළමු තරගයට සහභාගි වේ.

රටවල් 17ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වදියි. එහිදී හෙට (09) බහරෙන් සමග ඔවුන් මූලික වටයේ සිය දෙවැනි තරගයට සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක ලෝක ශූරතා ජාතීන්ගේ (නේෂන්) වොලිබෝල් ලීග් ශූරතා තරගමාලාවට නිර්දේශ ලබයි. වසර 2021 සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැති ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සහභාගි වීම අසාර්ථක වීමෙන් පසුව මෙරට ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය මෙයයි.

ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් රැසකට කොවිඩ් වැළඳීමෙන් අවසන් මොහොතේ ජපන් ආසියානු තරග සංචාරය අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

දීප්ති රොමේෂ් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ජාතික වොලිබෝල් (පිරිමි) පුහුණුකරු චන්න ජයසේකර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කලකට පසුව වඩාත් ශක්තිමත් කණ්ඩායමක් තරගාවලියට සූදානම් කිරීමට සිය සම්මේලනයට හැකියාව ලැබුණු බැවින් තරග ප්‍රතිඵලය කෙරෙහි වඩාත් විශ්වාස පෙරදැරිව පසුවන බවයි.

මෙම තරග සංචාරය සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහය දක්වා තිබේ. මූලික වටයේ දී ඉදිරියට යාමට අපොහොසත් වන කණ්ඩායම් අනතුරුව ශ්‍රේණිගත තරග වටයට යොමු කෙරේ.


අදහස් (0)

ශ්‍රී ලංකා-ඉන්දුනීසියා තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.