Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් ප්‍රවර්ධන වැඩසටහන 17 දා

වොලිබෝල් ප්‍රවර්ධන වැඩසටහන 17 දා

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී  ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන පාසල් (කාන්තා) වොලිබෝල් ප්‍රවර්ධන වැඩ සටහන් මාලාවේ දෙවැනි පියවර  ලබන සෙනසුරාදා (17 වැනිදා) පෙරවරු 8.00 සිට රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. 

ඒ සඳහා සබරගමුව පළාතට අයත් බාලක හා බාලිකා පාසල් 50 කින් සිසු සිසුවියෝ 750 දෙනෙක් සහභාගි වීමට නියමිතව සිටිති. පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 100 දෙනකු සමග ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමයේ පුහුණුකරුවෝ 40 දෙනෙක් ද මේ සඳහා සහභාගි වෙති.

‘පින්ක් වොලිබෝල්’ නමින් හැඳින්වෙන මෙම වොලිබෝල් ප්‍රවර්ධන වැඩමුළුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ලැබී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව මගින් එහිදී  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ දේශන මාලාවක් ද සංවිධානය කර ඇත.

එහි පළමු වැඩසටහන ඉකුත්දා රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පාසල් 50ක විෂයභාර ගුරුභවතුන් හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් සුජානි ආර්. විජේතුංග, සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ.එස්. පුෂ්පකුමාර මහත්ම මහත්මීහු ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

- 223


අදහස් (0)

වොලිබෝල් ප්‍රවර්ධන වැඩසටහන 17 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.