Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් අවසන් තරග ඉරිදා මහරගමදී

වොලිබෝල් අවසන් තරග ඉරිදා මහරගමදී

editorial - 2021 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසරකට ආසන්න කාලයක් නිහඬව පැවති දේශීය වොලිබෝල් තරග පිටිය යළිත් සක්‍රීය කරමින් ජනාධිපති රන් කුසලාන ඩයලොග් ශූරතා වොලිබෝල් තරග මාලාවේ (2020) අවසන් මහ තරග ඉරිදා (5) මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේ දී පැවැත් වේ. 

එදින පස්වරු 1.00 ට කොස්වාඩිය ‘විජය’ ක්‍රීඩා සමාජය හා ගලිගමුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය අතර කාන්තා අවසන් මහ තරගය පැවැත්වේ. පස්වරු 3.00 ට නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය හා දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය අතර පිරිමි අවසන් මහ තරගය පැවැත්වේ. 

මෙවර තරගාවලියේ දී ගියවර ශූරතා දිනු කණ්ඩායම් පසුබෑමක් පෙන්නුම් කරයි. 

වසර 2019 ජනාධිපති රන් කුසලාන පිරිමි ශූරතාව දිනු ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය මූලික වටයේදීම පරාජයට වී තිබේ. කෙසේ වුවත් ගියවර කාන්තා ශූරතාව දිනා ගත් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩිකාවෝ මෙවර තෙවැනි ස්ථානයට පත්ව සිටිති. 

2020 මාර්තු  මාසයේ සිට ඇතිවූ කොවිඩ් වසංගතය හමුවේ දේශීය වොලිබෝල් තරග මාලා කඩා වැටීමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් මෙම 2021 වසරට නියමිත තරගාවලිය අත්හැර දැමීමට  තීරණය කළ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,  2022 වසරේ තරගාවලිය ලබන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් වසර 2019 වසරේ මංචි කුසලාන ජාතික තරගාවලියේ  අවසන් මහ තරගය ඉකුත් ජනවාරි මාසයේ මහරගම දී පවත්වා අවසන් කිරීමට  වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය.

ඩයලොග්-අසියාටා සමාගම මෙවරත්  ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරග මාලාවට අනුග්‍රාහය දක්වයි. ඒ අනුව රුපියල් 150,000) සිට රුපියල් 50,000  දක්වා කාන්තා හා පිරිමි තෙවැනි ස්ථාන තෙක් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතය.

ජනාධිපති රන් කුසලාන තරගාවලිය සෙසු දේශීය වොලිබෝල් තරගා වලින් වෙනස් වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් සිය උපන් ගම් පළාත්වලට අයත් ක්‍රීඩා සමාජ හා කණ්ඩායම්වලට පමණක් බැඳී තරග කිරීමයි. 

ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරග ජය සංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ  වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතායි. ක්‍රීඩා  අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා විශේෂ ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්වේ.

මෙම අවසන් මහ තරග එදින පස්වරු 1.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජිවීව විකාශය කිරීමට නියමිතය. 

ජනාධිපති රන්  කුසලාන වොලිබෝල් තරගාවලිය – 2020

පිරිමි අවසන් පූර්ව තරග

නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම විසින් වට 3/0 කට (25/23, 25/23, 25/22) ගෝවින්න ‘වාසනා’ කණ්ඩායම පරාජය කරන ලදී.

දෙබෑගම රන්තරු ක්‍රී.ස. කණ්ඩායම විසින් වට 3/0 කට (25/20, 25/15, 25/19) විසින් බොරලැස්ගමුව බලරැස් කණ්ඩායම පරාජය කරන ලදී.

තෙවැනි ස්ථානය - රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම

කාන්තා අවසන් පූර්ව තරග

ගල්ගමුව හයිද්‍රාමනි කණ්ඩායම විසින් වට 3/1ක (25/19, 25/21, 15/20) සියඹලාගොඩ කපිල කණ්ඩායම පරාජය කරන ලදී.

කොස්වාඩිය විජය කණ්ඩායම විසින් වට 3/1 කට රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම (25/22, 25/14, 22/25, 25/15) පරාජය කරන ලදී.

තෙවැනි ස්ථානය -  රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම

කොස්වාඩිය විජය කණ්ඩායම...

 

නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම...

 

දෙබෑගම රන්තරු ක්‍රී.ස. කණ්ඩායම...

 

ගල්ගමුව හයිද්‍රාමනි කණ්ඩායම ...


අදහස් (0)

වොලිබෝල් අවසන් තරග ඉරිදා මහරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.