Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙළෙඳ සේවා වොලිබෝල් තරඟ හෙට-අනිද්දා ගාල්ලේදී

වෙළෙඳ සේවා වොලිබෝල් තරඟ හෙට-අනිද්දා ගාල්ලේදී

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමාගම් හා ආයතන කණ්ඩායම් 60 ක් සහභාගී වන වෙළෙඳසේවා වොලිබෝල් තරඟාවලියේ මූලික වටය අද සහ හෙට (29-30) ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ  පිටියේදී පැවැත්වේ.

පසුගිය ඔක්තෝබර් 22-23 දෙදින මෙම තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබියදී අයහපත් කාලගුණය නිසා අතිහිටුවීමට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය පියවර ගත්තේය.

ඒ අනුව මෙහි කාන්තා හා පිරිමි අවසන් මහා තරග ලබන නොවැම්බර් 13 වැනිදා පස්වරු 2 සිට මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියට මෙවරත් අනුග්‍රාහකයන් රැසකගේ සහයෝගය ලැබී තිබේ.

එහිදී ප්‍රධානතම (ප්ලැටිනම්) අනුග්‍රාහකයා ලෙස ‘මාස්’ ගෝල්ඩින්ග්ස් ආයතයට කටයුතු කරයි. ලංකා ටයිල්ස්, බ්‍රැන්ඩික්ස් හා ‘එක්ස්ෆෝ’ ලංකා යන ආයතන මෙවර සහය (රන්) අනුග්‍රාහකයන් ලෙස ඊට දායකත්වය ලබාදේ.

දේශීය වොලිබෝල් පිටියේ මෙම තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගත්තේ තරගවදින කාන්තා හා පිරිමි කණ්ඩායම් රැසකට ජාතික මට්ටමේ නමගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිරීමය.

ශූරතා හා අනුශූරතාලාභී කණ්ඩායම් සඳහා රුපියල් 150000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමද කටයුතු යොදා තිබේ.


අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් තරඟ හෙට-අනිද්දා ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.