Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙළෙඳ සේවා වොලිබෝල් ශූරයන්ට ලක්ෂ 15 ක්

වෙළෙඳ සේවා වොලිබෝල් ශූරයන්ට ලක්ෂ 15 ක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන හය වැනි වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිතය. ඉකුත් වසරේ පැවති මෙම තරගාවලියට වෙළෙඳ සේවා කණ්ඩායම් 100 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වූ අතර මෙවර ඊට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

මෙම තරගවලිය පිරිමි සහ කාන්තා වශයෙන් පැවැත්වෙන අතර එහි මූලික වටයේ තරග අගෝස්තු 18, 19 සහ 20 යන දින වලදීද, අවසන් තරග සැප්තැම්බර් 16 සහ 17 යන දින වලදීද මහරගම තරුණ සේවා එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී ‘සුපර් ලීග්’, ‘චැම්පියන් ෂිප්’ හා ‘ඒ’ කාණ්ඩය ලෙස කොටස් තුනට වෙන් වෙන් වශයෙන් ත්‍යාග ප්‍රදානය කෙරන අතර එහිදී ජයග්‍රාහී කාණ්ඩායම් වලට පිරිනැමීම සඳහා වෙන්කර ඇති මුලු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 15 ඉක්මවයි. තවද ඉකත් වසරේදී මෙන්ම මේ වසරේදීද දක්ෂතම ක්‍රීඩකයාට වටිනා යතුරුපැදියක් සහ වටිනාම ක්‍රීඩිකාවට ස්කූටරයක් පිරිනැමීමටද නියමිතය.

ජාතික ක්‍රීඩාව රට පුරා ජනප්‍රිය කරවීම, සේවක සේවිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම, ඔවුන්ගේ නිරෝගී බව ආරක්ෂා කිරීම සහ සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙම තරගාවලියේ සංවිධානය කිරීමේ අරමුණු බව ශ්‍රී ලංකා වෙළෙඳ සේවා වොලිබෝල් සංගමයේ සඳහන් කරයි.

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන රැසක් මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව අතර එහි ‘ප්ලැටිනම්’ අනුග්‍රාහයකා වන්නේ මාස් සමාගමයි. තරගාවලිය් ‘රන්’ අනුග්‍රාහකයන් ලෙස සන්කුයික්, ලංකා ටයිල්, බ්‍රැන්ඩික්ස්, එක්ස්පො ලංකා, එටිසෙලාට් සහ ඬේවිට් පීරිස් යන සමාගම් ඉදිරිපත්ව සිටින අතර ‘රිදී’ අනුග්‍රාහකයන් ලෙස දම්රෝ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ සිංගර් සමාගම් ඉදිරිපත්ව සිටියි.

තරගවලියට ඉදිරිපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් නියෝජනය කරන සේවා ආයතනයට එක්වී මාස 2 ක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර තරගාවලියට සහභාගි වන නවක ආයතන ජූලි මස 31 වැනිදා වන විට ලියාපදිංචි වී තිබිය යුතුය.

තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 09 වැනිදායින් අවසන් වන අතර එදිනට පෙර සියලුම අයදුම්පත් වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 071-0682682 (චන්දන) හෝ 077-648545 (බුද්ධි) යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

ප්‍රදාන කරන ත්‍යාග පහත සඳහන් පරිදි වේ

සුපර් ලීග් පිරිමි
පළමු ස්ථානය - රුපියල් 150,000 ක් සහ ශූරතා කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් ලක්ෂයක් සහ අනු ශූරතා කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 50,000 ක් සහ කුසලාන

සුපර් ලීග් කාන්තා
පළමු ස්ථානය - රුපියල් ලක්ෂයක් සහ ශූරතා කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් 50,000 සහ අනු ශූරතා කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 25,000 සහ කුසලාන

චැම්පියන් ෂිප් පිරිමි
පළමු ස්ථානය - රුපියල් ලක්ෂයක් සහ කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් 50,000 ක් සහ කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 25,000 ක් සහ කුසලාන

චැම්පියන් ෂිප් කාන්තා
පළමු ස්ථානය - රුපියල් 80,000 ක් සහ කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් 40,000 ක් සහ කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 25,000 ක් සහ කුසලාන

‘ඒ’ කාණ්ඩය පිරිමි
පළමු ස්ථානය - රුපියල් 20,000 ක් සහ කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් 15,000 ක් සහ කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 10,000 ක් සහ කුසලාන

‘ඒ’ කාණ්ඩය කාන්තා
පළමු ස්ථානය - රුපියල් 20,000 ක් සහ කුසලාන
දෙවැනි ස්ථානය - රුපියල් 15,000 ක් සහ කුසලාන
තෙවැනි ස්ථානය - රුපියල් 10,000 ක් සහ කුසලාන


- 036


අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් ශූරයන්ට ලක්ෂ 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.