Last Update  :  2025-09-04 18:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වොලිබෝල් තරග 21-22

වෙරළ වොලිබෝල් තරග 21-22

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක්වැනි ජාතික මහ කි‍්‍රඩා උළෙලේ වෙරළ වොළිබෝල් තරගාවලිය අනිද්දා (21 වැනිදා) පස්වරු 4.00 සිට ති‍්‍රකුණාමලය වෙරළ තීරයේදී පැවැත්වේ.


මෙම තරගාවලියේදී පළාත් 9 න් කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 18 ක් තරග වැදීමට නියමිතය. එම කණ්ඩායම්වල ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (20 වැනිදා) පස්වරු 2.00 සිට ති‍්‍රකුණාමලය කෘෂිකර්ම පරියේෂණ මධ්‍යස්ථානයේදී සිදුකෙරේ.


තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය නියෝජ්‍ය කී‍්‍රඩා අමාත්‍ය එච්. එම්. එම්. හාරිස්  සහ නැගෙනහිර පළාත් කී‍්‍රඩා අමාත්‍ය එස්. තන්ඩයුතපානි යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 22 වැනිදා පස්වරු 4.30 ට ති‍්‍රකුණාමලය වෙරළ තීරයේදීම පැවැත්වේ.


- 036

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් තරග 21-22

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.