Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වෙලිබෝල් ක්‍රීඩිකාවෝ 16 ට එති
ආසියානු ක්‍රීඩා - 2022

වෙරළ වෙලිබෝල් ක්‍රීඩිකාවෝ 16 ට එති

editorial - 2023 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් කාන්තා ඉසව්ව යටතේ අද (22 වැනිදා) පැවැති තරගයකදී පිලිපීනය හමුවේ වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

කෙසේ වුවත් ‘ඒ’ කාණ්ඩයේ සිව්වැනියා ලෙස මූලික වටය අවසන් කිරීම හේතුවෙන් වෙරළ වොලිබෝල් කාන්තා ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂානි මෙම ඉසව්වට සහභාගි වූ අතර පළමු වටයේදී 21-10 ක් ලෙසත්, දෙවැනි වටයේදී 21-17 ක් ලෙසත් ඔවුන් දෙදෙනා පිලිපීන ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වූහ.

‘ඒ’ කාණඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම මෙම තරගයට පෙර පැවැති මූලික වටයේ තරගවලදී සත්කාරක චීනය හමුවේ වට 2-0 ක් ලෙසත්, කසකස්තානය හමුවේ වට 2-1 ක් ලෙසත් පරාජය වූ නමුත් කොරියාව එරෙහිව වට 2-0 ක ජයක් ලැබීය.

 


අදහස් (0)

වෙරළ වෙලිබෝල් ක්‍රීඩිකාවෝ 16 ට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.