Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වයඹ පළාතේ කණ්ඩායම් 3 ක් අවසන් වටයට

වයඹ පළාතේ කණ්ඩායම් 3 ක් අවසන් වටයට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මංචි කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ අවසන් මහතරග සෙනසුරාදා (18) පස්වරු 8 සිට මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී පැවැත්වේ. එහි ආධුනික තරගාවලි අවසන් මහ තරග දෙක සඳහා කණ්ඩායම් සුදුසුකම ලබාගැනීමේදි වයඹ පළාතේ කණ්ඩායම් තුනක්ම සුදුසුකම් ලබා ගැනිම කැපීි පෙනේ.

 ප්‍රබල කණ්ඩායම් ගැටුණු සුපිරි ලිග කාණ්ඩයේ අවසන් මහ තරග දෙකටම යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනිම එම කාණඩයේ  විශේෂ සිදුවිමයි. ඒ අතර ගියවර පිරිමි ශූරතාව දිනා ගත් වරාය අධිකාරි කණ්ඩායමට මෙවර සිව්වැනි ස්ථානය දක්වා පහළට වටීමය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය කරයි. එම සියලු අවසන් තරග ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ සජිවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.


මංචි කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය.

* පෙරවරු 8ට:- ආධුනික කාන්තා:-
බෝයගම සිරිපැරකුම් කණඩායම හා මහඋස්වැව රත්නපාල කණ්ඩායම අතර.

* පස්වරු 10ට ආධුනික -පිරිමි-
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම හා ගාල්ල එස්.එල්.ඒ. ඔී.සී. කණ්ඩායම අතර .

*  පස්වරු 1ට :-සුපිරි ලිග කාන්තා:-
යුද හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර

* පස්වරු 3ට :-
යුද හමුදා කණ්ඩායම හා විදුලිබල කණ්ඩායම අතර.

 ආධුනික තරගාවලියේ අවසන් පුර්ව තරග ප්‍රතිඵල

(කාන්තා)
* බෝයගම ශ්‍රී පැරකුම් පිල විසින් කුරුණෑගල ඔමේගා පිල පරාජය කරන ලදී. (25/15, 25/14, 25/16)
මහ උස්වැව රතනපාල පිල විසින් මඩකළපුව බ්ලැක් ලයන්ස් පිල පරාජය කරන ලදී. (25/09. 25/07,)
තෙවැනි ස්ථානය :- කුරුණෑගල ඔමේගා පිල විසින් මඩකලපුව බ්ලැක් ලයන්ස් පිල පරාජය කරන ලදී.
(25/11, 25/20, 25/19)

(පිරිමි)
* ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. පිල විසින්  මහනුවර වැගනස් පිල පරාජය කරන ලදි. (25/23, 25/20, 25/20)
* කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් පිල විසින්  කෑගල්ල ක්‍රියේටර්ස් පිල පරාජය කරන ලදි. (25/21, 27/25, 25/22)

*තෙවැනි ස්ථානය තේරීමේ තරගය:-කෑගල්ල ක්‍රිියේටර්ස් පිල විසින් මහනුවර වැගනස් පිල පරාජය කරන ලදි. (25/23, 25/23, 25/17)

විදුලිබල කණ්ඩායම (පිරිමි)

යුද හමුදා කණ්ඩායම (පිරිමි)

යුද හමුදා කණ්ඩායම (කාන්තා)

ගුවන් හමුදා කණ්ඩායම (කාන්තා)

මහ උස්වැව රතනපාල කණ්ඩායම

බෝයගම සිරිපැරකුම් කණඩායම

කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම

ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. කණ්ඩායම

 


අදහස් (0)

වයඹ පළාතේ කණ්ඩායම් 3 ක් අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.