Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball විනිසුරන්ට නවාතැන් නැතිව ක්‍රීඩා තරඟ පමාවේ

විනිසුරන්ට නවාතැන් නැතිව ක්‍රීඩා තරඟ පමාවේ

Nisanka Sandeepani - 2017 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා ජාතික පාසල් වොලිබෝල් තරඟාවලියේ විනිසුරුවරුන්ට නවාතැන් පහසුකම් පිළියෙළ නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

 අධ්‍යාපන අමාත්‍යංශය නිසි පිළිවෙළකින් තොරව සංවිධාන කටයුතු කර ඇති බව මෙම තරඟාවලිය ආරම්භයේ සිටිම පෙන්නුම් කළ බව එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

 ජාතික පාසල් වොලිබෝල් තරඟාවලිය අද පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා විනිසුරුවරුන් 60 දෙනකු පමණ ඊයේ සවස 6ට සීදූව දවි සමර විද්‍යාලයයට කැඳවා තිබුණත් ඔවුන්ට නවාතැන් පහසුකම් සූදානම් කර නොතිබිණි. මේ නිසා එම විනිසුරුවරුන් දැඩි අපහසුතාවට පත්වූ බව ආරංචි මාර්ග කියයි.
 
ඉන් පසු මෙම ගැටළුව ගැන සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ශරීරික පුහුණු අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා ද පැමිණි අතර විනිසුරුවරුන්ට නවාතැන් පහසුකම් ලබා දෙන විට අලුයම හතර පමණ වී තිබිණි. එම නිසා අද පෙරවරු නවයට ආරම්භ කිරීමට තිබූ තරඟ ආරම්භ කරන විට දහවල් 12ට පමණ වූ බව දැනගන්නට තිබේ.


අදහස් (0)

විනිසුරන්ට නවාතැන් නැතිව ක්‍රීඩා තරඟ පමාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.