Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball යුරෝ ගෙවන්න බැරිව පින්ලන්ත පුහුණුකරු ආපසු යවයි

යුරෝ ගෙවන්න බැරිව පින්ලන්ත පුහුණුකරු ආපසු යවයි

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

යුරෝ මුදල් ඒකකයෙන් තවදුරටත් ගෙවීම් කිරීම දුෂ්කර කටයුත්තක් වී තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සේවය සඳහා පැමිණි  පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් විශේෂඥ පුහුණුකරු ඔයිලන්ඩ් රම්ඩෝ මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා මේ වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් සිටින රම්ඩෝ මහතාගේ ශ්‍රී ලංකාවේ සේවය අවසන් කළ බව දැනුම්දීමට පියවර ගෙන තිබේ.

විදේශීය විනිමය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ උග්‍ර අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර ඒ හේතුවෙන් රට තුළ උග්‍ර ඇමෙරිකානු ඩොලර් හිඟයක්ද ඇතිවී තිබේ.

මෙම ප්‍රශ්නය මේවනවිට රට තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයටද බලපෑම් කර ඇති බවට එක් නිදසුනක් ලෙස පින්ලන්ත වෙරළ වොලිබෝල් පුහුණුකරුගේ ශ්‍රී ලංකා සේවය අවසන් කිරීමත් හැඳින්විය හැකිය.

වසර2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පින්ලන්ත පුහුණුකරුගේ ශ්‍රී ලංකාවේ සේවය අවසන් කිරීමට නියමිතව තිබුණේ ලබන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ ‘‘බර්මින්හැම්’’ නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවසන්වීමෙන් පසුවය.

මීගමුවේදී පසුගිය මාර්තු 20 වැනිදා අවසන්වූ ආසියානු කඩඉම් තරග වටය අපරාජිතව ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ මෙම පින්ලන්ත පුහුණුකරු රම්ඩෝ මහතාගේ මග පෙන්වීම යටතේය.

දවසින් දවස ඩොලරයේ වටිනාකමට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවමවීමේ තත්ත්වය තුළින්ද මේවනවිට විදේශීය ක්‍රීඩා පුහුණුකරුවන් හා උපදේශකවරුන්ගේ සේවය ලබා ගන්නා ජාතික ක්‍රීඩා සංගම් තවත් කීපයක්ද ඔවුන්ට ගෙවීම් කිරීමේදී බලවත් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවද මේ අතර වාර්තාවේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයත් ඉන් එකකි.

රම්ඩෝ මහතා අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය පිළිගත් පළමු ශ්‍රේණියේ වෙරළ වොලිබෝල් උපදේශකවරයෙකි.


අදහස් (0)

යුරෝ ගෙවන්න බැරිව පින්ලන්ත පුහුණුකරු ආපසු යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.