Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මාරවිලට - හුංගමට යුගළ ශූරතා

මාරවිලට - හුංගමට යුගළ ශූරතා

ශනුක අරවින්ද - 2017 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාරවිල ශා.සේවියර් මහ විදුහල සහ හුංගම විජයබා විදුහල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වොලිබෝල් තරගාවලියේ ශූරතා 2 බැඟින් දිනා ගත්හ. වයස් සීමා 3ක් යටතේ (වයස අවු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ) බාලක බාලිකා දෙඅංශයෙන් පැවති මෙම තරගාවලිය සීදූව දවිසර විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙහිදී මාරවිල ශා. සේවියර් විදුහල බාලක අංශයේ වයස අවු 16න් පහළ සහ 18න් පහළ ශූරතා දෙක දිනාගත් අතර හුංගම විජයබා විදුහල වයස අවු 16න් පහළ සහ 20න් පහළ බාලක ශූරතා දෙකක් දිනා ගත්හ.

මෙම තරගාවලියේ දී රුවන්වැල්ල රාජසිංහ විදුහලේ සේනක ජයරත්න සහ හුංගම විජයබා විදුහලේ එම්. ජී. සී. ලක්ෂාණි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.

තරග ප්‍රතිඵල

වයස අවු 16න් පහළ බාලක
■    ශූරතාව  - ශා.සේවියර් මහ විදුහල මාරවිල
■    අනු ශූරතාව - ශා.ජෝසප් වාස් විදුහල වෙන්නප්පුව
■    3 වැනි ස්ථානය - විජයබා විදුහල හුංගමුව

වයස අවු 18 න් පහළ බාලක
■    ශූරතාව - ශා.සේවියර් මහ විදුහල මාරවිල
■    අනු ශූරතාව - රාජසිංහ මහ විදුහල රුවන්වැල්ල
■    3 වැනි ස්ථානය - ධම්මිස්සර ජාතික පාසල නාත්තණ්ඩිය

වයස අවු 20 න් පහළ බාලක
■    ශූරතාව - රාජසිංහ මහ විදුහල රුවන්වැල්ල
■    අනු ශූරතාව - ශා.ජෝසප් වාස් විදුහල වෙන්නප්පුව
■    3 වැනි ස්ථානය - දමැසිනෝද් විදුහල කදාන

වයස අවු 16න් පහළ බාලිකා
■    ශූරතාව - විජයබා විදුහල හුංගම
■    අනු ශූරතාව - ආණමඩුව මැදි මහ විදුහල
■    3 වැනි ස්ථානය - තිස්සපුර විදුහල

වයස අවු 18 න් පහළ බාලිකා
■    ශූරතාව - ශ්‍රී රත්නපාල මහා විදුහල ආණමඩුව
■    අනු ශූරතාව - ආණමඩුව මැදි මහ විදුහල
■    3 වැනි ස්ථානය - මැදි මහ විදුහල අනුරාධපුරය

වයස අවු 20 න් පහළ බාලිකා
■    ශූරතාව - විජයබා විදුහල හුංගම
■    අනු ශූරතාව - ධර්මපාල විදුහල ඇහැළියගොඩ
■    3 වැනි ස්ථානය - අගමැති බාලිකා විදුහල අනුරාධපුරය

 


අදහස් (0)

මාරවිලට - හුංගමට යුගළ ශූරතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.