Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මහේෂ් අබේරත්න උප සභාපති පුටුවට

මහේෂ් අබේරත්න උප සභාපති පුටුවට

editorial - 2020 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට එහි හිටපු ලේකම්වරයෙකු වන බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා පත්ව සිටියි. වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජී.ටී.එස්.කේ. අබේසිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමෙනි.

 දේශීය වොලිබෝල් ක්‍රීඩා කේෂ්ත්‍රයේ දශක තුනකට අධික කාලයක් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා පරිපාලන නිලධාරියෙකු ලෙසත් කටයුතු කර තිබෙන අබේරත්න මහතා හංගේරියාවේ දී වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ පාඨමාලාවක් හදාරා ඉන් විශිෂ්ට සමාර්ථ ලැබූ අයෙකි.

 ඔහු ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ලෙසත්, ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල් ආදි සිසුවෙකු වන ඔහු මලල ක්‍රීඩා හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව්වලින් ද ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා තිබේ.

- 223


අදහස් (0)

මහේෂ් අබේරත්න උප සභාපති පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.