Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පොදුරද මඬුළු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් 2 ක්

පොදුරද මඬුළු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් 2 ක්

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුවේදී නිමාවට පත් වූ ආසියානු සුදුසුකම් තරග වටය අපරාජිතව ජයගත් ශ්‍රී ලංකාව එළඹෙන (2022) පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි තරගාවලි දෙකටම නිර්දේශ තහවුරු කර ගත්තේය. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි ඉසව් දෙකටම කණ්ඩායම් නිර්දේශ ලබා ගත් පළමු අවස්ථාව බවටද එය පත් වේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ‘ජකර්තා’ නුවරදී නිමාවට පත් වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී වෙරළ වොලිබෝල් (පිරිමි) ඉසව්ව සඳහා සහභාගි වී තිබේ.

 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසන්නේ සුදුසුකම් සනාථ කරමින් ශ්‍රී ලංකාව පොදුරද මඩුළු ක්‍රීඩා වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි ඉසව් දෙකටම නිර්දේශ ලබාගත් පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට ඇතුළත් වන බවයි.

ඊයේ (19) මීගමුව වෙරළ උද්‍යාන පිටියේදී නිමාවට පත් වූ ආසියානු සුදුසුකම් ලැබීමේ තරග වටයේ පිරිමි අවසන් මහ තරගය මාලදිවයිනට එරෙහිව වට 2-0 කටත්, කාන්තා අවසන් මහ තරගය සිංගප්පූරුවට එරෙහිව වට 2-0 කටත් ජය ගනිමින් ශ්‍රීලංකාව මාසයක් වැනි කෙටි කාලයක් තුළදී සත්කාරය දැරූ දෙවැනි අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියත් ජයග්‍රාහිව අවසන් කිරීමට සමත් විය.

ඒ අනුව එළඹෙන ජූලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවට වෙරළ වොලිබෝල් ක්‍රීඩා ඉසව්වෙන් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගි කිරීමේ අවස්ථාව හිමිවේ.

කෙසේ වූවත් පිරිමි අවසන් මහ තරගයට නිර්දේශ ලබාගත් මාලදිවයින මූලික වටයේදී සිංගප්පූරුවට එරෙහිව එකම ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් මහ තරගයට ප්‍රවේශවීම කැපී පෙණුනි. එහිදී ඔවුන් ශ්‍රී ලංකාව හා මලයාසියාවට තරග දෙකක් පරාජය වූවත් ප්‍රසාද ලකුණු සටහනේදී අත්කර ගත් වාසිය ඔවුහු අවසන් තරගයට කැඳවා ගෙන ගියහ.
අෂේන් රෂ්මික හා මලින්ත යාපා ජයග්‍රාහී ශ්‍රී ලංකා (පිරිමි) පිල නියෝජනය කළේය. ජයග්‍රාහී ශ්‍රී ලංකා (කාන්තා) පිලට චතුරිකා මධුෂානි හා දීපිකා බණ්ඩාර ඇතුළත් වූහ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට නිර්දේශ තහවුරු කරගත් ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා පිලේ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වසර 2019 කත්මන්දු සාග් ක්‍රීඩා උළෙලේදී වෙරළ වොලිබෝල් (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිලද නියෝජනය කළාය.

මීගමුවේදී පෙබරවාරි මාසයේදී නිමාවට පත් වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී කාන්තා ඉසව්ව රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායටමද දීපිකා බණ්ඩාර ඇතුලත් වූවාය. එහිදී ඇගේ සහයක ක්‍රීඩිකාව වූ දිනේෂා ප්‍රසාදිනී මෙම තරග වටයට නිර්දේශ නොලැබුවාය.

ඒ අනුව සෙනසුරාදා මීගමුවේදී නිමාවට පත් වූ ආසියානු සුදුසුකම් ලැබීමේ තරග වටය පුරා ශ්‍රීලංකාව පරාජයට පත් වී ඇත්තේ කාන්තා ඉසව්වේ එකම තරග වටයක් පමණි. ඒ මලයාසියාවට එරෙහිව 20-22ක් ලෙසය.

කෙසේ වූවත් කාන්තා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් ප්‍රබල සටනක් දියත්වීම කැපී පෙනුණි.

 

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ආසියානු සුදුසුකම් ලැබීමේ තරගවටයේ අවසන් මහ තරග ප්‍රතිඵල.

පිරිමි:- ශ්‍රී ලංකාව (අෂේන් රශ්මික - මලින්ත යාපා) විසින් මාලදිවයින වට 2-0කින් (21/13 - 21/13) පරාජය කරන ලදී.
කාන්තා:- ශ්‍රී ලංකාව (චතුරිකා මධුෂානි - දීපිකා බණ්ඩාර) විසින් සිංගප්පූරුව වට 2-0කින් (21/18 - 22/20) පරාජය කරන ලදී.


අදහස් (0)

පොදුරද මඬුළු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.