Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පාසල් වොලිබෝල් මාර්තු 26 දා සිට

පාසල් වොලිබෝල් මාර්තු 26 දා සිට

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අවස්ථාව. වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක, එහි භාණ්ඩාගාරික තුෂාර සම්පත්, උපභාණ්ඩාගාරික අසංක රාජපක්ෂ, සැම්සන් පුත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරජීව යන මහත්වරු ද මෙහි වෙති.  

 

(නාමල් පතිරගේ)
අන්තර් පාසල් ‘ඩී.එස්.අයි. සුපර්ස්පෝට්ස්’ වොලිබෝල් තරග මාලාව ලබන මාර්තු 26 වැනිදා  සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනය කටයුතු යොදා තිබේ. කොවිඩ් වසංගතයෙන් පසුව මෙම තරග මාලාව වසර නැවත ආරම්භ වන්නේ වසර දෙකකට පසුවය.

වයස් කාණ්ඩ පහකින් බාලක හා බාලිකා ඉසව් 10ක් තරග මාලාවට අන්තර්ගතය. වයස 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ බාලක හා බාලිකා එම තරග පැවැත්වෙන ඉසව් 10යි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල්  වොලිබෝල් තරග මාලාවේ මෙවර අවසන් මහ තරග ලබන  ජුනි 2-3 යන දිනවල කොළඹදී පැවැත්වීමට මේ වනවිට  සැලසුම් කර තිබේ.

මාර්තු 15 වැනිදා දක්වා තරග මාලාවට සහභාගි වන කණ්ඩායම් වෙතින්  අයැදුම්පත් බාර ගැනේ. තරග අයැදුම් පත් දිවයින පුරා පිහිටි ඩී.එස්.අයි. පාවහන් ප්‍රදර්ශනාගාර හා අලෙවිසල් වෙතින් ලබාගත හැකි බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.

අයැදුම්පත් පුරවා ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාර හා අලෙවිසල් වෙත බාරදීම  හැරෙන්නට අලෙවි අංශය, අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයටද යොමුකළ හැකිය.
මෙම වසරට නියමිත 20 වැනි තරග මාලාව සඳහා කණ්ඩායම් 5000ක් වන සහභාගිත්වයක් අපේක්ෂා කරන බව මෙවරත් තරග මාලාවට අනුග්‍රහය දක්වන ඩී. සැම්සන් සහ පුත්‍රෙයා පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා පැවසීය.

ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂයේ සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

තරග මාලාව පැවැත්වෙන ආකාරය.
♦ දිස්ත්‍රික් තරග වටය:- මාර්තු 26 වැනිදා සිට මැයි 8 වැනිදා දක්වා  දිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී
♦ ජාතික තරග වටය:- ජුනි 15 සිට 21 වැනිදා දක්වා ගාල්ල, දඩල්ල වොලිබෝල් ජාතික පිටියේදී.
♦ අවසන් වටය (අවසන් මහ තරග):- ජුලි 2-3 කොළඹ දී

 


අදහස් (0)

පාසල් වොලිබෝල් මාර්තු 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.