Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පාසල් වොලිබෝල් අවසන් තරග 23-24

පාසල් වොලිබෝල් අවසන් තරග 23-24

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී.එස්.අයි සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මෙම මස 23 සහ 24 යන දිනවල මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය ඒකාබද්ධව මෙම තරගාවලිය මෙහෙය වූ අතර වයස් සීමා 4ක් යටතේ බාලක - බාලිකා අංශයෙන් තරගාවලිය පැවැත්විණි.

මෙවර තරගාවලිය යටතේ මාරවිල ශා. සේවියර් විදුහලෙන්, රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහලෙන් සහ හුංගම විජයබා ජාතික පාසලෙන් කණ්ඩායම් 3 බැගින් අවසන් තරග සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. මීට අවතරව ගලිගමුව මැදි මහ විදුහල සහ අම්පාර උහන තිස්සපුර විදුහල ද අවසන් තරග 2කට බැගින් සුදුසුකම් ලබා සිටී.

2017 ඩී.එස්.අයි සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ මූලික වටය සඳහා පාසල් කණ්ඩායම් 5000 වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කිරීමට නියමිතය.


අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්

වයස අවු 13න් පහළ බාලක අවසන් තරගය

■    මාරවිල ශා. සේවියර් මහ විදුහල සහ රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල අතර
    
වයස අවු 13න් පහළ බාලිකා අවසන් තරගය
■    අම්පාර උහන තිස්සපුර විදුහල සහ ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසල් අතර

වයස අවු 15න් පහළ බාලක අවසන් තරගය
■    මාරවිල ශා.සේවියර් මහ විදුහල සහ රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල අතර

වයස අවු 15 න් පහළ බාලිකා අවසන් තරගය
■    හුංගම විජයබා ජාතික පාසල සහ අම්පාර උහන තිස්සපුර විදුහල අතර

වයස අවු 17 න් පහළ බාලක අවසන් තරගය
■    මාරවිල ශා.සේවියර් මහ විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල අතර

වයස අවු 17 න් පහළ බාලිකා අවසන් තරගය
■    ගලිගමුව මැදි මහ විදුහල සහ මහ උස්වැව ශ්‍රී රතනපාල මහ විදුහල අතර

වයස අවු 19 න් පහළ බාලක අවසන් තරගය
■    නාත්තන්ඩිය ධම්මිස්සර මැදි මහ විදුහල සහ ගලිගමුව මැදි මහ විදුහල අතර

වයස අවු 19 න් පහළ බාලිකා අවසන් තරගය
■    හුංගම විජයබා ජාතික පාසල සහ ගලිගමුව මැදි මහ විදුහල අතර

 


අදහස් (0)

පාසල් වොලිබෝල් අවසන් තරග 23-24

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.