Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball නිව් ස්ටාර් වොලිබෝල් තරගාවලිය 7 දා

නිව් ස්ටාර් වොලිබෝල් තරගාවලිය 7 දා

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැදගොඩ නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන වොලිබෝල් තරගාවලිය මෙම මස 07 වැනිදා පෙ.ව. 8.30 සිට නිව් ස්ටාර් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, තරුණ සේවා සභාව, බ්‍රැන්ඩෙක්ස් ගාමන්ට්ස්, වාසනා බේකර්ස් සහ ගම්පහ සියනෑතරු ආදී ප්‍රබල කණ්ඩායම් මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටිති.

මැදගොඩ පොලිස් වසමට සීමාවූ විවෘත වොලිබෝල් තරගාවලියක්ද පැවැත්වීමට නියමිතව ඇත.
තරගාවලියේ අවසන් මහා තරගය එදිනම රාත්‍රී 7.00 ට පැවැත් වේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කෙරේ.

 


අදහස් (0)

නිව් ස්ටාර් වොලිබෝල් තරගාවලිය 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.