Last Update  :  2024-05-08 10:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ධම්මිස්සරයට වොලිබෝල් ශූරතා 5 ක්

ධම්මිස්සරයට වොලිබෝල් ශූරතා 5 ක්

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 

අවසන් මහ තරග පහෙන්ම ජයගත් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල පසුගිය ඉරිදා (24 වැනිදා) සුගතදාස ගෘහස්ථ පිටියේ දී නිමාවට පත්වූ 21 වැනි අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ශූරතා පහක් දිනා ගැනීමට සමත් විය. එහිදී වයස 15න් පහළ බාලිකා ඉසව්ව හැරෙන්නට තරගමාලාවේ කනිෂ්ඨ කාණ්ඩයේ සෙසු බාලක හා බාලිකා ශූරතා සියල්ලම දිනා ගත් ධම්මිස්සර විදුහලට වයස 19න් පහළ බාලිකා ඉසව්වේ සිවුවැනි ස්ථානය අත්විය.

එකම තරග මාලාවකදී සමස්ත ලංකා වොලිබෝල් ශූරතා පහක් දිනා ගත් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී ප්‍රදානය කෙරුණු විශේෂ සම්මාන 15 න් 13ක්ම හිමිකර ගැනීමට ද සමත් වූහ.

මෙරට පාසල් වොලිබෝල් පිටියේ සමස්ත ලංකා ශූරතා රැසකටම හිමිකම් කියන නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලට මෙවර වොලිබෝල් ගුරුහරුකම් ලබා දුන් ඔවුන්ගේ ප්‍රධානතම පුහුණුකරුවන් වූයේ ජාතික වොලිබෝල් පුහුණුකරුවකු ද වන චාල්ස් තිලකරත්න හා කීර්ති ජයසේකර යන මහත්වරුන්ය.

වයස 17න් පහළ බාලිකා ශූරතාව දිනාගත් හුංගම විජයබා ජාතික පාසල මෙන්ම වයස 19න් පහළ බාලිකා ශූරතාව දිනාගත් ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට ද අවසන් මහ තරග ජය ගැනීම සඳහා වට පහක් දක්වා ඇදුණු ප්‍රබල සටන් දෙකකට මුහුණදීමට සිදුවිය.

කණ්ඩායම් 4500 ක සහභාගිත්වයෙන් පැවැති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් සංවිධානය කළ වසරේ පැවැත්වෙන ප්‍රධානතම පාසල් වොලිබෝල් තරග මාලාව සඳහා මෙවරත් ඩී.එස්.අයි. පාවහන් ආයතනය අනුග්‍රහය දැක්වීය. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂයේ සිට ත්‍යාග ප්‍රදානය කෙරුණි.

 

අවසන් මහ තරග ප්‍රතිඵල

වයස 11න් පහළ - බාලක

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල විසින් මාරවිල ශාන්ත සේවියර් විදුහල වට 2-0කින් පරාජය කරන ලදී. (15/8-15/11)

තෙවැනි ස්ථානය – මිනුවන්ගොඩ රෙජි රණතුංග ප්‍රාථමික විදුහල

විශේෂ සම්මාන

දක්ෂතම පන්දු ඔසවන්නා - විනුද මන්දිල් නෙතක (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා - ලකිතු සිත්මික (ශා.සේවියර්), දක්ෂතම ක්‍රීඩකයා - කවිත මෙත්මල් (ධම්මිස්සර)

තෙවැනි ස්ථානය:- නාත්තන්ඩිය ජනාධිපති පාසල (බාලිකා), නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල විසින් ඇල්පිටිය ප්‍රාථමික විදුහල වට 2-0කින් පරාජය කරන ලදී. (15/05-15/04)

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- ෂෙහානි මධුෂිකා (නාතන්ඩිය ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරිකාව:- විනුති තෙහාරා (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩිකාව:- යසාදි ඉමායා (ධම්මිස්සර)

 

(වයස 13න් පහළ)

(බාලක):-

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල විසින් නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල වට 2-0කින් පරාජය කරන ලදී (21/15-21/10)

♦ තෙවැනි ස්ථානය:- පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහ විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නා:- අස්විඳ පෙරේරා (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා:- උයිමිර දිල්නාත් (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩකයා:- තෙනුජ තරුල් (ධම්මිස්සර)

(බාලිකා)

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල විසින් මාබිම විද්‍යාකර  මහ විදුහල වට 2-0කින් පරාජය කරන ලදී (21/17-21/17)

තෙවැනි ස්ථානය:- කුරුණෑගල මාලියදේව ආදර්ශ මහ විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය-අෂාලි ධාන්‍යා (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරිකාව:- නෙලුෂා කවින්දි (විද්‍යාකර), දක්ෂතම ක්‍රීඩිකාව:- දිනෙකා දිනාංජලී (ධම්මිස්සර)

 

(වයස 15න් පහළ)

(බාලක)

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල විසින් මාරවිල ශාන්ත සේවියර් විදුහල වට 3-0කින් පරාජය කරන ලදී. (25/17-25/18-25/15)

තෙවැනි ස්ථානය:- කෑගල්ල වලගම්බා මහ විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නා:- තිමෙත්-අරෝෂ (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා:- විදුල දහම් (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩකයා:- බිහඳු නිම්සන් (ධම්මිස්සර)

හුංගම විජයබා ජාතික පාසල විසින් උහන තිස්සපුර විදුහල වට 3-0කින් පරාජය කරන ලදී (25/20-25/21- 25/15)

තෙවැනි ස්ථානය:- කුරුණෑගල මාලියදේව ආදර්ශ මහ විදුහල

(බාලිකා) :-

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- නුවංගි අප්සරා (විජයබා), දක්ෂතම ප්‍රහාරිකාව:- වත්ෂිකා දිල්ෂානි (විජයබා), දක්ෂතම ක්‍රීඩිකාව:- සදීපා දිල්රුක්ෂි (විජයබා)

 

වයස 17න් පහළ)

බාලක):-

පන්නල ජාතික පාසල විසින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල වට 3-1කින් පරාජය කරන ලදී. (23/25-27/25-25/20-25/17)

තෙවැනි ස්ථානය :- වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නා:- මතීෂ පන්සිලු (පන්නල), දක්ෂතම ප්‍රහාරකයා:- විහඟ චාමිකර

(රාජසිංහ), දක්ෂතම ක්‍රීඩකයා:- නිපුන් ප්‍රමෝද් (පන්නල)

(බාලිකා):-

හුංගම විජයබා ජාතික පාසල විසින් උහන තිස්සපුර විදුහල වට 3-2කින් පරාජය කරන ලදී. (25/22-18/25-22/25-26/24-15/10)

තෙවැනි ස්ථානය:- වාරියපොල රත්න විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- හිරුණි ප්‍රබෝධා (විජයබා), දක්ෂතම ප්‍රහාරිකාව:- සුලක්කනා පසිදුණි (තිස්සපුර), දක්ෂතම ක්‍රීඩිකාව:-  නිපුනි දි​ෙලක්ෂා (විජයබා)

 

(වයස 19න් පහළ)

(බාලක):-

සීදුව දවිසමර මහ විදුහල විසින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය  මහ විදුහල වට 3-0කින් පරාජය කරන ලදී (25/22-25/20-25/21)

තෙවැනි ස්ථානය:- මාරවිල ශාන්ත සේවියර් විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නා:- නවෝද් මලිදු  (දවිසමර), දක්ෂතම ප්‍රහාරකයා:- ඉඳුරංග රත්නායක (රාංජසිංහ), දක්ෂතම ක්‍රීඩිකයා:- මනුජ නිසල් (දවිසමර)

 

(බාලිකා):-

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල විසින් කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහ විදුහල වට 3/2කින් පරාජය කරන ලදී.

තෙවැනි ස්ථානය:- රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල

විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- නිසාදි කාව්‍යා (වික්‍රමශීලා), දක්ෂතම ප්‍රහාරිකාව:- මලිති කාව්‍ය (සංඝමිත්තා), දක්ෂතම ක්‍රිඩිකාව:- චතුරි  පූර්ණිමා (වික්‍රමශිලා)

 

 

ඡායාරූප:- තරගමාලාවේ වයස 19න් පහළ බාලක හා බාලිකා ශූරතා දිනාගත් සීදුව දවිසමර විදුහලට හා ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට අනුග්‍රාහක ඩී.එස්.අයි. පාවහන් ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා ජයසංකේත ප්‍රදානය කළ අයුරු. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාසල් වොලිබෝල් සංගමයේ උප සභාපති ඉන්ද්‍ර සමරකෝන්, වොලිබොල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක යන මහත්ම මහත්මීන්හු ද ඡායාරූපයේ වෙති.


අදහස් (0)

ධම්මිස්සරයට වොලිබෝල් ශූරතා 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.