Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball දිනේෂා - දීපිකා මධ්‍යම ආසියානු ශූරතාව දිනති
මධ්‍යම ආසියානු තරගාවලිය

දිනේෂා - දීපිකා මධ්‍යම ආසියානු ශූරතාව දිනති

editorial - 2022 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ තීරයේ දී අද (20) නිමාවට පත්වූ පළමු මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේ කාන්තා ශුරතාව ශ්‍රී ලංකාවේ අංක I කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකාව කාන්තා තරගාවලියේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම දිනාගැනීම කැපී පෙනුණි.

රටවල් පහක කාන්තා හා පිරිමි කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් තෙදිනක් පුරා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති තරග මාලාවේ කාන්තා ශුරතාව දිනාගත් දිනේෂා ප්‍රසාදිනි හා දීපිකා බණ්ඩාරගෙන් සමන්විත ශ්‍රී ලංකා අංක I කණ්ඩායම එම ජයග්‍රහණය හමුවේ ලබන ජුලි 28දා එංගලන්තයේ ‘මැන්චෙස්ටර්’නුවරදී ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වෙරළ වොලිබෝල් (කාන්තා) තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවටය සඳහා නිර්දේශ වී සිටියි.

ශ්‍රී ලංකා අංක I කණ්ඩායම හා ශ්‍රී ලංකා අංක II කණ්ඩායම් මූලික වටයේ තරගයකදීත් මුණගැසුණු අතර මෙවරත් ජය තහවුරු කර ගත්තේ ශ්‍රී ලංකා අංක I කණ්ඩායම විසිනි.

මෙහිදී කාන්තා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් තුනම මාලදිවයින හා උස්බෙකිස්ථානයට එරෙහිව සහභාගි වූ මූලික වටයේ සියලුම තරග ජයගැනීමට සමත් වූහ.

රටවල් පහක කණ්ඩායම් සහභාගි වූ පිරිමි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් තුනක් තරග වැදුණි. එහිදී ඔවුහු තරග හතක් ජය ගැනීමට සමත් වූහ. කෙසේ වුවත් ඉරානය සමග පැවති මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජයට පත් විය.  පාකිස්ථාන කණ්ඩායම අතින් නලින් පෙරේරා හා මලින්ත යාපාගෙන්  සමන්විත ශ්‍රී ලංකා අංක II කණ්ඩායම මූලික වටයේ දී තවත් පරාජයක් ලැබීය.

දෙවැනි පිරිමි අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයට පත්වීමෙන් ප්‍රතිවාදී ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම නිතරග ජයක් ලබමින් අවසන් මහ තරගයට පැමිණියේය.

පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් ඉරාන අංක 2 කණ්ඩායමට නිතරග ජයක් හිමි වූයේය. ටිරෝන් ජයතිලක හා අෂේන් රශ්මිතගෙන් සමන්විත ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායම තෙවැනි ස්ථානය තේරීමේ තරගයට ඉදිරිපත් නොවීමෙන් එහි නිතරග ජය ඉරාන අංක 2 කණ්‍ඩායමට  හිමි විය.

මෙම තරගාවලියේ ශුරතා, අනුශුරතා හා තෙවැනි ස්ථාන ලද කාන්තා හා පිරිමි කණ්ඩායම් වෙත ඇමරිකානු ඩොලර් 1500, 1000, 500 බැගින් මුදල් ත්‍යාග අද රාත්‍රියේ දී පැවැති ජය සංකේත ප්‍රදානෝත්සවයේ දී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් ප්‍රදානය කෙරුණි.


කාන්තා තරගාවලිය
අවසන් පූර්ව වටය
● ශ්‍රී  ලංකා අංක  2 කණ්ඩායම (ෂෙහානි අසංගා - සුලෝචනා ජයවර්ධන) විසින් ශ්‍රී ලංකා අංක 3 කණ්ඩායම (චතුරිකා වීරසිංහ – හෂිණි මල්ෂා) වට 3/0 කින් (12/21 – 22/20 – 15/12) පරාජය කරන ලදී.
● ශ්‍රී ලංකා  අංක 1 කණ්ඩායම (දීපිකා බණ්ඩාර – දිනේෂා ප්‍රසාදිනි) විසින් මාලදිවයින කණ්ඩායම වට 2/0 කින් (21/11 – 21/12) පරාජය කරන ලදී.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය
● ශ්‍රී ලංකා අංක 3 කණ්ඩායම (චතුරිකා වීරසිංහ – හෂිණි මල්ෂා) විසින් මාලදිවයින කණ්ඩායම වට 2-0කින් (21/04 – 21/09) පරාජය කරන ලදී.

අවසන් මහ තරගය
ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායම (දීපිකා බණ්ඩාර – දිනේෂා ප්‍රසාදිනි) විසින් ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම (ෂෙහානි වීරසිංහ – සුලෝචනා ජයවර්ධන) වට 2-0කින් පරාජය කරන ලදී. 
(21/16- 21/10)


පිරිමි තරගාවලිය
අවසන් පූර්ව තරග
● ඉරාන  අංක 1 කණ්ඩායම විසින් ඉරාන අංක 2 කණ්ඩායම වට 2-0කින් (21/14 - 21/19) පරාජය කරන ලදී.
● ශ්‍රී ලංකා අංක  2 කණ්ඩායම (අංජන සන්දිපන – සඳුන් මදුශංක) විසින් ශ්‍රී ලංකා අංක 1 (ටිරෝන් ජයතිලක – අෂේන් රශ්මිත) කණ්ඩායමට එරෙහිව නිතරග ජයක් ලබාගන්නා ලදී.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය   
● ඉරාන අංක 2 කණ්ඩායම විසින් ශ්‍රී ලංකා අංක 1 (ටිරෝන් ජයතිලක – අෂේන් රශ්මිත) කණ්ඩායමට එරෙහිව නිතරග ජයක් ලබාගන්නා ලදී.

අවසන් මහ තරගය
● ඉරාන අංක 1 කණ්ඩායම (එස්. ෂේකර් - මොහොමඩ් ඇරෝ) විසින් ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම (අංජන සන්දීපන – සඳුන් මධුෂංඛ) වට 2-0කින් පරාජය කරන ලදී. (21/12- 21/16)


අදහස් (0)

දිනේෂා - දීපිකා මධ්‍යම ආසියානු ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.