Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තරුණ සේවා වොලිබෝල් ශූරතා කෑගල්ලට – පුත්තලමට

තරුණ සේවා වොලිබෝල් ශූරතා කෑගල්ලට – පුත්තලමට

editorial - 2023 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තරුණ සේවා - රූපවාහිනි වොලිබෝල් ශූරතා තරගාවලියේ කාන්තා ශූරතාව කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම විසින්ද, පිරිමි ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී. 

 මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී ඊයේ (23 වැනිදා) තරගාවලියේ කාන්තා හා පිරිමි අවසන් මහ තරග හා තෙවැනි ස්ථාන තේරීමේ තරග පැවැත්වුණි. ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහයෝගයෙන් මෙවර 35 වැනි වතාවටත් තරගාවලිය සංවිධානය කළේය.

තියුණු සටනකින් පසුව වට 3–1 කට පුත්තලම කණ්ඩායම පිරිමි අවසන් මහ තරගය ජය ගත්තේ ගම්පහ වොලිබෝල් ආධිපත්‍ය ඉරිතැළීමකට ලක්කරමින් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමිනි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් පුත්තලම හා කෑගල්ල යන ශූරතාලාභී කණ්ඩායම් දෙකට ප්‍රදානය වුණු ත්‍යාග මුදල රුපියල් 150000 ක් බැගිනි. 

කාන්තා ශූරතාලාභී කෑගල්ල කණ්ඩායමට එහිදී වට 3-0 කට පරාජය වූයේ පුත්තලම කණ්ඩායමයි. ඒ අනුව මෙවර තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දෙකම එකට දිනා ගැනීමේ අවස්ථාව පුත්තලම දිස්ත්‍රිකය වෙතින් ඒ අයුරින් ගිලිහී ගියේය. 

තරගාවලිය සඳහා එක්වී සිටි කාන්තා හා පිරිමි කණ්ඩායම් ගණන 52 කි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනමාධ්‍ය හා තැපැල් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සහභාගී විය. 

විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්වූයේ සත්කාරක ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩසටහන්) සුමේධ අතුලසිරි මහතාය. 
තරගාවලියේ මූලික වටය දින කීපයක් තිස්සේ මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වුණි.

අනුශූරතාලාභී කණ්ඩායම් දෙකට රුපියල් ලක්‍ෂයක් බැගින්ද, තෙවැනි ස්ථානලාභී කණ්ඩායම වෙත රුපියල් 75000 ක්ද හා දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් දසදහස බැගින්ද මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණි. 

 

35 තරුණසේවා - රූපවාහනි වොලිබෝල් තරග මාලාවේ තෙවැනි ස්ථාන හා අවසන් තරග ප්‍රතිඵල 
(තෙවැනි ස්ථාන තේරීමේ තරග)
කාන්තා :- ගම්පහ කණ්ඩායම විසින් බදුල්ල කණ්ඩායම වට 3–1 කින් පරාජය කරන ලදී (25/21 – 19/24 – 16/25 – 24/26) 
පිරිමි :- කෑගල්ල කණ්ඩායම විසින් කොළඹ කණ්ඩායම වට 3–0 කින් පරාජය කරන ලදී (25/16 – 24/14 – 24/22)

(අවසන් මහ තරග) 
කාන්තා :- කෑගල්ල කණ්ඩායම විසින් පුත්තලම කණ්ඩයම වට 3–0 කින් පරාජය කරන ලදී (25/17 – 25/19 – 25/16)
පිරිමි :- පුත්තලම කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම වට 3/1 කින් පරාජය කරන ලදී (25/22- 25/19 – 15/25 – 15/11) 

(විශේෂ ත්‍යාග)
කාන්තා අවසන් තරග :- දක්‍ෂතම පන්දු ඔසවන්නා :- සුමිතා ප්‍රියදර්ශන (කෑගල්ල), දක්‍ෂමතම ප්‍රහාරිකාව :- නිමේෂිකා සෙව්වන්දි (කෑගල්ල), දක්‍ෂතම පිටිය ආරක්‍ෂා කරන්නිය :- උදේෂිකා ශ්‍රීමාලි (පුත්තලම), දක්‍ෂම ක්‍රීඩිකාව:- දිල්රුක්ෂී කල්පනී (කෑගල්ල)

පිරිමි අවසන් මහ තරගය :- දක්ෂතම පන්දු ඔසවන්නා :- ජේ.ඒ.ඒ. සහීර් (පුත්තලම), දක්‍ෂතම ප්‍රහාරකයා :- ඉසුරු මධුෂාන් (ගම්පහ), දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නා :- තිරාන් සංතුෂ් (පුත්තලම), දක්‍ෂතම ක්‍රීඩකයා :- කවිඳු පබසර (පුත්තලම),

අවසන් තරගය - දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා රුපියල් 65000 ක් බැගින් ප්‍රදානය කෙරුණි


පිරිමි ශූරතාව දිනූ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම 

 

කාන්තා ශූරතා දිනූ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම 


අදහස් (0)

තරුණ සේවා වොලිබෝල් ශූරතා කෑගල්ලට – පුත්තලමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.