Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තරගාවලියට අයැදුම්පත් කැඳවයි

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ශනුක අරවින්ද - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිස්සාවේල්ල සිංහ සමාජය සහ චන්ද්‍රා ක්‍රීඩා සමාජය එක්ව ජාතික නිදහස් දිනය වෙනුවෙන් 37 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා පිරිමි සහ කාන්තා විවෘත වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 2, 3 සහ 4 යන දිනවලදී අවිස්සාවේල්ල චන්ද්‍රා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

306-සී-1 දිස්ත්‍රික් සිංහාධිපති අභියෝග කුසලාන සහ සෙලින්කෝ රක්ෂණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශවල ශූරතා සහ අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් වලට මෙන්ම තෙවැනි සහ සිවුවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් වලටද කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමේ.

ඊට අමතරව තරගාවලියේදී විවිධ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනමම මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය කණ්ඩායම් තමන් විසින්ම සකස්කරන ලද අයැදුම්පතක් ‘ලේකම්, කේ.ආර්. චන්ද්‍රසේකර, චන්ද්‍රා ක්‍රීඩා සමාජය, නො.91, කොළඹ පාර, අවිස්සාවේල්ල’ යන ලිපිනයට යොමුකළ යුතුය. ජනවාරි මස 25 වැනිදායින් අයැදුම්පත් භාරගැනීම අවසන් වේ.

-036

 


අදහස් (0)

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.