Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් සති අන්තයේදී

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් සති අන්තයේදී

editorial - 2022 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාව (2022) සඳහා කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (15) අවසන් වන බව තරග සංවිධායකයෝ පවසති.

මෙම තරගමාලාව රට තුළ පසුගිය කාලය පුරා උද්ගතව තිබූ නොසන්සුන් තත්ත්වයන් නිසා කල් දැමීමටත් කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම දීර්ඝ කිරීමටත් තීරණය කළ බව තරගාවලියට අනුග්‍රාහය දක්වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්‍ෂ තුසිත රාජපක්‍ෂ මහතා පවසයි.

මෙවර විසිවැනි වතාවට තරගාවලිය සංවිධානය කෙරේ. දිවයින පුරා ස්ථාපිත ඩී.එස්.අයි. පාවහන් ප්‍රදර්ශනාගාර හා අලෙවිසල්වලින් තරගාවලියට ඇතුළත්වීමේ අයැදුම්පත් ලබා ගත හැකිය. එම අයැදුම්පත් සම්පූර්ණ කර ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, නිදහස් චතුරස්‍රය, කොළඹ 7 යන ලිපිනයට හෝ info@dsisamson.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි තරගාවලියේ (දිස්ත්‍රික්) මූලික වටය මෙම සති අන්තයේ සිට (18-19) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරගාවලියේ දිස්ත්‍රික් තරග වට
● ජුනි 18-19:- මොනරාගල  – මොනරාගල නගර සභා පිටියේදී
● ජුනි 18-19:- රත්නපුරය – ඇඹිලිපිටිය, උඩලව මහ විදුහලේ පිටියේදී
● ජුනි 18-19-29:- බදුල්ල – බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් සති අන්තයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.