Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාතික වොලිබෝල් ශූරතාවලිය කල්යයි

ජාතික වොලිබෝල් ශූරතාවලිය කල්යයි

editorial - 2022 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
‘මන්චි’ කුසලාන වෙනුවෙන් සංවිධානය කෙරෙන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය  රටේ දැන් පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වන තෙක් දින නියමයක් නොමැතිව කල්දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පසුගියදා තීරණය කළේය.

ගාල්ල, දඩල්ල වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී පසුගිය 20 වැනිදා මෙම තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ.

පවතින තත්ත්වය හමුවේ, තරගාවලියට සහභාගී වන රට පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  ගාල්ලට පිවිසීම සඳහා ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමේදී මතුවිය හැකි දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් සුපර් ලීග් තරග වටය කල් දැමීමට තීරණය කළ බව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය. රටේ තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසුව වොලිබෝල් සම්මේලනයේ විධායක සභාව තරගාවලිය සඳහා නැවැත දින යොදාගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

ජාතික ශූරතා වොලිබෝල් (සුපර් ලීග්) තරගාවලියේදී කාන්තා ඉසව්වෙන් යුදහමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව, වරාය අධිකාරිය හා හයිද්‍රාමනී යන කණ්ඩායම් සහභාගීවීමට සූදානමින් සිටියහ. ගියවර කාන්තා සුපර් ලීග් කුසලාන  දිනාඇත්තේ යුද හමුදා කණ්ඩායමයි.

පසුගිය වසරේදී ශූරතාව දිනාගත් විදුලිබල කණ්ඩායම, වරාය අධිකාරිය, තරුණසේවා සභාව, නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ ඕෂන් ලංකා යන කණ්ඩායම් පිරිමි තරගාවලියට ඉදිරිපත්ව සිටියහ.

සිලෝන් බිස්කට්ස් (මන්චි) ආයතනය මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ (2022) ආධුනික කාණ්ඩයේ තරගාවලිය පැවැත්වෙන දිනවකවානු වොලිබෝල් සම්මේලනය  මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.


අදහස් (0)

ජාතික වොලිබෝල් ශූරතාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.