Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි හතකට පුහුණුකරුවන් සොයයි

ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි හතකට පුහුණුකරුවන් සොයයි

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙම වසරට (2025) ශ්‍රී ලංකාව සහභාගිවීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර වොලිබෝලි තරගාවලි හතක් ඉලක්ක කරමින් පුහුණුකරුවන් නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.

ඒ සදහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ඇයැදුම්කරුවන් ජූනි 30 වැනිදාට පෙර සිය ඇයැදුම්පත ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමු කිරීම හෝ srilankavolleyball@yahoo.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. එහිදී ඉහත ජාත්‍යන්තර වොලිබෝල් තරග මාලා හතක් සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම්හී ප්‍රධාන පුහුණුකරු සහය පුහුණුකරු හා අභ්‍යාසක යන ධූර සදහා සූදුස්සන් නිර්දේශ කර ගැනීම සිදු කර ගැනේ.

 

ඒ පහත පරිදිය
*මධ්‍යම ආසියානු ජාතීන්ගේ වොලිබෝල් (පිරිමි) තරගාවලිය : - ඔක්තෝබර් 22 සිට 28 දක්වා බංගලාදේශයේදී
*මධ්‍යම ආසියානු ජාතීන්ගේ වොලිබෝල් (කාන්තා) තරගාවලිය : - නොවැම්බර් 6 සිට15 වැනිදා දක්වා නේපාලයේදී
*මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 19 න් පහළ - කාන්තා) තරගාවලිය - ශ්‍රී ලංකාවේදී 
* මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා හා පිරිමි තරග මාලා : - අගෝස්තු 9 සිට 15 වැනිදා දක්වා - මාලදිවයිනේදී
*ආසියානු යොවුන් ක්‍රීඩා - වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි තරග මාලා - ඔක්තෝබර් 22 සිට 30 වැනිදා දක්වා බහරේන් රාජ්‍යයේදී.


අදහස් (0)

ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි හතකට පුහුණුකරුවන් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.