Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 2ක සත්කාරය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 2ක සත්කාරය ශ්‍රී ලංකාවට

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

මෙම වසරේදී ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි දෙකක සත්කාරය දරමින් තවත් ජාත්‍යන්තර තරගාවලි තුනකට සහභාගිවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ජාතික වොලිබෝල් නේවාසික සංචිත (කාන්තා හා පිරිමි) ස්ථාපිත කර තිබේ.

 ලබන ඔක්තෝබර් 5 සිට 12 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන  මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20න් පහළ-පිරිමි) ශූරතා තරගාවලිය රටවල් අටකගේ සහභාගිත්වය සංවිධානය කිරිමේදී දැනටමත් ඉන් බහුතර රටවල් ගණනක් සහභාගිත්වය සනාථ කර අවසන් වී තිබේ.

ඒ අතර දෙසැම්බර් 19 සිට 22 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේදී (උදානයේදී) මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා -පිරිමි) තරගාවලිය රටවල් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක මහතා පවසන්නේ ඒ හැරෙන්නට පාකිස්ථානයේදී ලබන මැයි මාසයේදී පැවැත්වෙන මධ්‍යම  ආසියානු ජාතීන්ගේ ලීග් (පිරිමි) වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමේ අරමුණින් මේ වනවිට ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ ජාතික (පිරිමි) සංචිතය ස්ථාපිත කර තිබෙන බවයි.

මේ අතර අගෝස්තු මාසයේ  නේපාලයේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් (ජ්‍යෙෂ්ඨ -කාන්තා) තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීමට සුදානමින් සිටින බව නාලක මහතා පවසයි.

එහි නේවාසික සංචිතය වෙන්නප්පුව ඇල්බට් එෆ්. පිරිස් ක්‍රීඩාංගනයේ සිට ක්‍රියාත්මක වේ. මාලදිවයිනේදී ජුලි මාසයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු  කනිෂ්ඨ (කාන්තා) වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීම පෙරදැරිව සීදුව දවි සමර මහ විදුහල් ක්‍රීඩාංගනයේ සිට එහි පුහුණු සංචිතය ක්‍රියාත්මක කෙරේ.

 

අදහස් (0)

ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 2ක සත්කාරය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.