Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාතික මට්ටමේ තරග සඳුදා සිට

ජාතික මට්ටමේ තරග සඳුදා සිට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් 2017 පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග මෙම 11, 12, 13, 14 සහ 15 යන දිනවල රුවන්වැල්ල රාජසිංහ මැදි මහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට විධි විධාන යොදා ඇත. මෙම තරගාවලිය වයස් සීමා හතරකින් සමන්විත වේ.

වයස අවු 13න් පහළ 15න් පහළ 17න් පහළ සහ 19න් පහළ බාලක - බාලිකා ලෙස එම තරග වයස් සීමා හතරකින් පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය ඒකාබද්ධව තරගාවලිය සංවිධානය කෙරෙන අතර ඩී.එස්.අයි. ආයතනය ඊට පූර්ණ අනුග්‍රහය දක්වයි.

මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය කළ බාලක - බාලිකා කණ්ඩායම්  400 ක් සහභාගිවේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4800ක් පමණ සහභාගී වන බව තරග සංවිධායකයෝ පවසති.

තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකා දක්ෂතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් විමර්ශනය කරනු ලබන අතර ලබන 2018  වසරේ පැවැත්වීමට නියමිත වයස අවු 19න් පහළ බාලිකා තරගාවලිය සහ වයස අවු 20න් පහළ බාලිකා තරගාවලිය සඳහා සංචිත පිහිටුවීමද නියමිතය.


තරග කාල සටහන මෙසේය


සැප් 11 - වයස අවු 13 පහළ බාලක - බාලිකා තරගය සහ වයස අවු 15පහළ බාලක - බාලිකා තරගය
සැප් 12 - වයස අවු 13 පහළ බාලක තරගය
සැප් 13 - වයස අවු 17 පහළ බාලක - බාලිකා තරගය
සැප් 14 - වයස අවු 19 පහළ බාලක - බාලිකා තරගය
තරගාවලියට වර්ෂාවෙන් හෝ වෙනත් හේතුවකින් තරග පැවැත්වීම නොහැකි වුවහොත් අතිරේක දිනයක් ලෙස සැප් 15 දා වෙන් කර ඇත.

 


අදහස් (0)

ජාතික මට්ටමේ තරග සඳුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.