Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගුවන් හමුදා – යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනති
මංචි කුසලාන සුපර් ලීග්

ගුවන් හමුදා – යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනති

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් හය වැනි වසරටත් පිට පිටම මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් (කාන්තා) ශූරතාව දිනා ගනිද්දී යුද හමුදාව වසර ගණනාවක් උත්සහයකින් පසුව එහි පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

‘මංචි’ කුසලාන ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් අවසන් මහ තරග පසුගිය ඉරිදා (24 වැනිදා) මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පවත්වා අවසන් කෙරුණි. 

තරග මාලාවේ ආධුනික කාණ්ඩයේ අවසන් මහ තරග පසුගිය දෙසැම්බර් 17 වැනිදා පැවැත්වුණේ පේරාදෙණිය ගෘහස්ථ පිටියේදීය. එහිදී කාන්තා ශූරතාව හයිඩ්‍රාමනි කණ්ඩායම විසින්ද පිරිමි ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී. 

යුද හමුදාව වසර ගණනාවකට පසුව මෙලෙස සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් වූවත් කාන්තා අවසන් මහ තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ ‘ප්‍රතිවිරෝධය’ උත්සන්නවීමෙන් ඔවුන්ට එකවර සුපර්ලීග් කාන්තා හා පිරිමි ශූරතා දෙකම දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාව අහිමි වූහ.

කෙසේ වුවත් ගියවර පිරිමි ශූරතාව දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මෙවර මූලික වටයේදීම ලද පරාජය එහිදී වූ පෙරළිකාරම සිදුවීමයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ අනුග්‍රාහයෙන් මෙවරත් තරග මාලාව සංවිධානය කිරීමේදී ‘සුපර් ලීග්’ ශූරයන් හා ශූරියන්ට රුපියල් 150,000 ක් බැගින් ප්‍රදානය කෙරුණී. සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් අටදෙනෙකු දක්වා විශේෂ සම්මාන ප්‍රදානය  කැපී පෙනුණි. 

ඒ පිළිබඳව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ අන්තර් ජාතික වොලිබෝල් තරග නීතිරීතිවලට අනුවම යමින් එසේ සිදුකළ බවයි. 

වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

මෙවර සුපර්ලීග් පිරිමි අනුශූරතාව ලද විදුලිබල මණ්ඩල කණ්ඩායම මීට පෙර සුපර් ලීග් (පිරිමි) ශූරතාව දිනා ඇති ක්‍රීඩා සමාජයකි. 

 

‘මංචි’ කුසලාන ජාතික වොලිබෝල් ශූරතා තරග මාලාවේ අවසන් මහ තරග ප්‍රතිඵල

ආධුනික – වයස 25න් පහළ කණ්ඩය
(කාන්තා)
සබරගමු හයිඩ්‍රාමනි කණ්ඩායම විසින් නැගෙනහිර බිතුලින්ක් කණඩායම වට 3–0කින් (25/11 – 25/23 – 25/22) පරාජය කරන ලදී. 
තෙවැනි ස්ථානය :- බස්නාහිර සංඝමිත්තා බාලිකා ක්‍රීඩා සමාජය 
විශේෂ සම්මාන :- දක්‍ෂතම පන්දු ඔසවන්නිය :- සුනේත්‍රා ප්‍රියදර්ශනී (හයිඩ්‍රාමනි), දක්‍ෂතම පන්දු ප්‍රහාරිකාව :- සුලක්‍ෂණා පසදුණි (බිතුලින්ක්), දක්‍ෂතම ක්‍රීඩිකාව :- දිලුක්‍ෂි හර්ෂණී (හයිඩ්‍රාමනි) 

(පිරිමි)
වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය විසින් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය වට 3–1 කින් (31/33 – 25/18 – 25/12 – 25/23) පරාජය කරන ලදී. 
තෙවැනි ස්ථානය :- අනුරාධපුර සිංහ ක්‍රීඩා සමාජයට විශේෂ සම්මාන :- දක්‍ෂතම පන්දු ඔසවන්නා :- රොෂාන් සෙනරූ (ජෝශප් වාස්), දක්‍ෂතම පන්දු ප්‍රහාරකයා :- ටී.ජී.එන්. කුසල් (රාජසිංහ), දක්‍ෂතම ක්‍රීඩකයා :- කවිෂ්ක චතුමාල් (ජෝශප් වාස්)

සුපර් ලීග් කාණ්ඩය
කාන්තා :- ගුවන් හමුදා කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3–0 කින් (25/21 – 25/18 – 25/17) පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය :- හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය 
විශේෂ සම්මාන :- දක්‍ෂතම පිටත පන්දු ප්‍රහාරිකාව :- (1):- දිනේෂා ප්‍රසාදිනි (ගුවන් හමුදාව), 2 :- තිළිණි වාසනා (යුද හමුදාව), දක්‍ෂතම මැද පෙළ ක්‍රීඩිකාව :- (1):- ඉරේෂා උමයාංගනි (ගුවන් හමුදාව), 2 :- චතුරිකා රණසිංහ (ගුවන් හමුදාව), දක්‍ෂතම පන්දු ඔසවන්නිය :- ජේ.ඩබ්.පී. තුෂාරි (ගුවන් හමුදාව), දක්‍ෂතම ලිබරෝ ක්‍රීඩිකාව :- නදුනි හිමංසලා (ගුවන් හමුදාව), වටිනාම ක්‍රීඩිකාව :- ජේ.ඩබ්.පී. තුෂාරි (ගුවන් හමුදාව)

පිරිමි :- යුද හමුදා කණ්ඩායම විසින් විදුලිබල මණ්ඩල කණ්ඩායම වට 3–1කින් (25/22 – 25/13 – 18/25 – 25/19) පරාජය කරන ලදී. 
තෙවැනි ස්ථානය :- වරාය අධිකාරි කණ්ඩායම 
විශේෂ සම්මාන :- දක්‍ෂතම පිටත පන්දු ප්‍රහාරකයා 1 :- සජිත් කැලුම්රත්න (යුද හමුදාව), 2 :- ඉසුරු මධුෂාන් (යුද හමුදාව), දක්‍ෂතම මැද පෙළ ක්‍රීඩකයා 1 :- අයේෂ් ඩිල්හාන් (විදුලිබල), 2 :- වසන්ත ලක්මාල් (යුද හමුදාව), දක්‍ෂතම ප්‍රතිවිරුද්ධ පන්දු වලක්වන ක්‍රීඩකයා :- කලෙයි චෙල්වම් (යුද හමුදාව), දක්‍ෂතම පන්දු ඔසවන්නා :- ප්‍රභාත් දුෂ්‍යන්ත (යුද හමුදාව), දක්‍ෂතම ලිබරෝ ක්‍රීඩකයා :- සජිත් කැලුම්රත්න (යුද හමුදාව)

සුපර්ලීග් පිරිමි ශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය

 

සුපර් ලීග් වොලිබෝල් (කාන්තා) ශූරතාව හයවැනි වතාවටත් ජයගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ
 


අදහස් (0)

ගුවන් හමුදා – යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.