Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගම්බද පාසල් පෙරමුණට

ගම්බද පාසල් පෙරමුණට

Nisanka Sandeepani - 2017 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම තරුණසේවා  ගෘහස්ථ පිටියේදී අද සහ හෙට (23 - 24) පැවැත්වෙන ඩී.එස්.අයි. සුපර් ස්පොට්ස් වොලිබෝල්, අන්තර් පාසල් තරග මාලාවේ අවසන් මහ තරග බහුතරයක් සඳහා වයඹ, දකුණ හා සබරගමුව යන පළාත්හි පාසල් කණ්ඩායම් තේරී සිටිති.
 
කොළඹ ඇතුළුව නගරබද ජනප්‍රිය පාසල්හි කිසිදු බාලක හෝ බාලිකා කණ්ඩායමක් ඒ සඳහා සුදුසුකම් ලබා නොගැනීම තවත් කැපී පෙනෙන  සිදුවීමකි. 
 
දිවයිනේ ප්‍රධානතම පාසල් වොලිබෝල් තරග මාලාව වන මෙම තරගාවලියට ඇතුළත් බාලක හා බාලිකා අවසන් මහ තරග ගණන 8 කි. වයස් කාණ්ඩ 3 කින් තරගාවලිය පැවැත්වේ. කණ්ඩායම් 4200ක් මෙවර තරග මාලාවට සහභාගි වූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.
 
මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකයන් රුපියල් මිලියන අටකට ආසන්න වියදමක් දරා තිබෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. 
 
පාසල් වොලිබෝල් පිටියේ කවදත් නම් දැරූ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය, හුංගම විජයබා ජාතික පාසල හා මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය අවසන් මහ තරග තුනක් සඳහා සුදුසුකම් සපුරාලීම  තුලින් ඔවුන් තරග මාලාවේ ඉහළම දස්කම්  අතරට ප්‍රවේශවී සිටීම කැපී  පෙනේ.ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ද බාලිකා අවසන් මහ තරග දෙකකට සුදුසුකම් ලබා සිටී. 
 
තරග මාලාවේ සියලු අවසන් මහ තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ. 
 
ඩී.එස්.අයි. පාවහන් ආයතනයේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් වොලිබෝල් සම්මේලනය තරග මාලාව මෙවරත් සංවිධානය කළේය. 
 
ජය සංකේත ප්‍රදානෝත්සවය හෙට (24 වැනිදා) පස්වරු 6.00 ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනීනය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය හා ඩී.එස්.අයි. පාවහන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 
 
වයස  13න් පහළ තරග කාණ්ඩය මෙවර පළමු වතාවට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ශූරතා අනුශුරතා හා තෙවනි ස්ථාන සඳහා රුපියල් ලක්ෂයේ සිට 25,000 බැගින්ද සෑම අවසන් මහ තරගයකම දක්ෂතම ක්‍රීඩකයන් හා ක්‍රීිඩිකාවන් තිදෙනකු සඳහාම විශේෂ සම්මානයක් ප්‍රදානය කෙරේ.
 
අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය 
 
ඔක්තෝබර් 23 වැනිදා
පෙරවරු 9.30 :- වයස  15න් පහළ බාලිකා හුංගම විජයබා ජාතික පාසල හා උහන තිජයපුර විදුහල අතර 
තෙවනි ස්ථානය :- මහ උස්වැව රතනපාල මහ විදුහල විසින් කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල පරාජය කරන ලදී (2/0) 
 
පෙරවරු 11.30 :- වයස 15න් පහළ බාලක :- මාරවිල ශාන්ත සර්වියර් මැදි විදුහල හා රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල අතර 
තෙවැනි ස්ථානය :- නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහල විසින් කුරුඩාමුල්ල මහ විදුහල පරාජය කරන ලදී. (2/0) 
 
පස්වරු 2.00 ට :- වයස 17න් පහළ බාලිකා :- ගලිගමුව මධ්‍ය මහා විදුහල හා මහඋස්වැව ශ්‍රී රතනපාල මහ විදුහල අතර 
තෙවන ස්ථානය :- වැල්ලදුර ගජනායක මහ විදුහල විසින් ආනමඩුව මධ්‍ය මහා විදුහල පරාජය කරන ලදී (3/0) 
 
ඔක්තෝබර් 24 වැනිදා
පෙරවරු 8.30 :- වයස 17න් පහළ බාලක :- මාරවිල ශාන්ත සේවියර් මැදි විදුහල හා හුංගම ජාතික පාසල අතර 
තෙවනි ස්ථානය :- රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල විසින් තල්වත්ත අභිනව කනිෂ්ඨ විදුහල පරාජය කරන ලදී (3/0) 
 
පෙරවරු 10.30 :- වයස 13න් පහළ බාලිකා :- උහන තිස්සපුර විදුහල හා ත්‍රීකුණාමලය රජකීය විද්‍යාලෝක  ජාතික පාසල අතර 
තෙවනි ස්ථානය :- පලුගොල්ල යාය 10 මහ විදුහල විසන් අනුරුද්ධ මහ විදුහල පරාජය කරන ලදී. (2/0) 
 
දහවල් 12.00 ට :- වයස 13න් පහළ බාලක :- මාරවිල ශාන්ත සේවියර් මැදි විදුහල හා  රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල අතර 
තෙවනි ස්ථානය :- සීදුව දවිසමර මහ විදුහල විසින් මාදම්පේ සේනානායක ජාතික පාසල පරාජය කරන ලදී (2/0) 
 
පස්වරු 2.00 ට :- වයස  19න් පහළ බාලිකා :- හුංගම ජාතික පාසල හා ගලිගමුව මධ්‍ය මහා විදුහල අතර 
තෙවනි ස්ථානය :- ආනමඩුව මැදි විදුහල විසින් ඇහැලියගොඩ ධර්මපාල විදුහල පරාජය කරන ලදී. (25/13, 25/17) 
 
පස්වරු 4.00 ට :- වයස 19න් පහළ බාලක :- නාත්තන්ඩිය ධම්මිස්සර මැදි විදුහල හා රුවන්වැල්ල  රාජසිංහ මැදි විදුහල අතර 
තෙවනි ස්ථානය :- වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල විසින් සීදුව දවිසමර මැදි විදුහල පරාජය කරන ලදී. (2/0)

 

සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය - මාරවිල 

රාජසිංහ මධ්‍ය මහා  විද්‍යාලය - රුවන්වැල්ල

රාජකීය විද්‍යාලෝක ජාතික  පාසල - ත්‍රිකුණාමලය

උහන තිස්සපුර විද්‍යාලය - අම්පාර 

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - රුවන්වැල්ල

සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය - මාරවිල 

විජයබා ජාතික පාසල - හුංගම

උහන තිස්සපුර විද්‍යාලය - අම්පාර 

විජයබා ජාතික පාසල - හුංගම

සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය - මාරවිල 

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය 

ශ්‍රී රතනපාල මහා විද්‍යාලය - මහඋස්වැව

ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය - නාත්තණ්ඩිය

රාජසිංහ මධ්‍ය මහා  විද්‍යාලය - රුවන්වැල්ල

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය 

විජයබා ජාතික පාසල - හුංගම

 

 
 
 

අදහස් (0)

ගම්බද පාසල් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.