Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඉන්දුනීසියාවට 3-1 ක ජයක්

ඉන්දුනීසියාවට 3-1 ක ජයක්

editorial - 2023 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් සම්මේලන (පිරිමි) තරගාවලියේ අද (08 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දුනීසියාව තරග වට 3-1 ක ජයක් ලබාගත්තේය.

දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුතුව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වට දෙකේදීම 25/21 සහ 25/19 ක් ලෙසින් පරාජය විය. එහෙත් තුන්වැනි වටයේදී 25/20 ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් ඉන්දුනීසියාවට අහිමි කළේය.

සිව්වැනි වටයේදී 25/17 ක් ලෙසින් ජයගත් ඉන්දුනීසියාව තරගය හමාර කළේය.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ශ්‍රී ලංකාව සහ බහරේනය අතර හෙට (ඉරිදා) පැවැත්වෙයි.

තරගය චීන තායිපේ වේලාවෙන් පස්වරු 3.00 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30 ට පැවැත්වෙයි.

 


අදහස් (0)

ඉන්දුනීසියාවට 3-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.