Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ආර්ථික අහේනිය නිසා ජාතික ක්‍රීඩාව පල්ලම් බසී

ආර්ථික අහේනිය නිසා ජාතික ක්‍රීඩාව පල්ලම් බසී

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව පවතින ආර්ථික අහේනිය හමුවේ මෙම වසරේදී (2022) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වොලිබෝල් තරග සහභාගීත්වය දෙකකට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීම තුළින් දැරිය නොහැකි ආකාරයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වොලිබෝල් තරග සංචාර සීමා කිරීමට ප්‍රධානතම කාරණය වී තිබේ.

ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිතයන්හි පුහුණුවීම්ද මේ වනවිට වොලිබෝල් සම්මේලනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිනයකට ආහාර සැපයීමේ කලින් පැවැති මිල රුපියල් 850 ක් විය. එහෙත් වත්මන් තත්ත්වය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිනයක ආහාර සඳහා අවම වශයෙන් රුපියල් 1250 ක් අවශ්‍ය වෙතැයි සැපයුම් කරුවෝ කියති.

ශ්‍රී ලංකා වොලිබෝල් සංචිත දෙකෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීහු 48 දෙනෙක් සිටිති. (ක්‍රීඩකයන් 18 යි, නිලධාරීන් 6 යි සහ ක්‍රීඩිකාවන් 18 යි, ක්‍රීඩිකාවන් 6 යි) මෙම සංචිත දෙකේ සියලුම සාමාජිකයන් සඳහා, සැපයුම් කරුවන්ගේ වර්තමාන ගණන් අනුව, දිනයක කෑම වියදම රුපියල් 60,000 කි.

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙම වසරේ තරග දින දසුනට අනුව අන්තර්ජාතික වොලිබෝල් (කාන්තා හා පිරිමි) තරග මාලා 10ක් පමණ පැවැත්වීමට ඉතිරිව තිබේ. එහෙත් ආර්ථික අපහසුතා හේතුවෙන් ඒවායින් සංචාර 8 ක් පමණ අතහැර දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා කිරිකිස්තානයේ ‘‘බොල්පොත් - ඒවා’’ නුවරදී පැවැත්වෙන තෙවැනි ආසියානු සමුළු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහ ජූලි 4 සිට 11 වැනිදා දක්වා චීනයේදී පැවැත්වීමට නියමිත 21 වැනි ආසියානු කාන්තා (වයස 19 න් පහළ) තරගාවලියට සහභාගි වීම අත්හැරීමට තීරණය වී තිබේ.

කෙසේ වුවත් අගෝස්තු 22 වැනිදා සිට 28 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන තෙවැනි ආසියානු සමුළු අභියෝග ශූරතා (කාන්තා) වොලිබෝල් තරගාවලියට හා දෙසැම්බර් මාසයේදී මාලදිවයිනේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී කිරීමට වොලිබෝල් සම්මේලනය මේ වනවිට තීරණය කර තිබේ.

තායිලන්තයේදී පැවැත්වීමට තීරණය වූ තුන්වැනි ආසියානු සමුළු අභියෝග ශූරතා කාන්තා තරගාවලියේ කලින් සත්කාරය බාරගෙන සිටියේ හොං කොං දේශය විසිනි.

 


අදහස් (0)

ආර්ථික අහේනිය නිසා ජාතික ක්‍රීඩාව පල්ලම් බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.