Last Update  :  2024-05-13 10:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අග්නිදිග ආසියාවේ දක්‍ෂතම ප‍්‍රහාරකයා සිරා

අග්නිදිග ආසියාවේ දක්‍ෂතම ප‍්‍රහාරකයා සිරා

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටී. ඞී. එල්. චාල්ස් ගෙන් ඇරඹුණු ශ‍්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සඳහා නායකයින් 27කුත් ගේ‍්‍රස් ගජසිංහ ගෙන් ඇරඹුණු ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාවන් 15කුත් මේ දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායම්වලට නායකත්වය ලබාදී ඇත. කාලික වසන්තප‍්‍රිය 09 වසරක්ද නයනා අනූපමා ජයරත්න 05 වසරක් වශයෙන් වැඩිම වාර ගණනක් ශ‍්‍රී ලංකා කණ්ඩායම්වලට නායකත්වය ලබාදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වේ.


    එල්. පී. පෙරේරා (1973 කේරල - ශ‍්‍රී ලංකා ටෙස්ට් තරග මාලාව), ආනන්ද වන්නිතිලක (1985 පාකිස්තානු සංචාරය හා 1989 සඩ සාෆ් ක‍්‍රීඩා උළෙල - පාකිස්තානය), ඩබ්ලිව්. එල්. ජයරත්න (පාකිස්තානු සංචාරය), කාලික වසන්තප‍්‍රිය (1993 බංග්ලාදේශය හා 2006 සාෆ් ක‍්‍රීඩා උළෙල - කොළඹ), දමිත් රංග ප‍්‍රනාන්දු (2003 සස ආසියානු පාසැල් - හොංකොං), සමීර දිසානායක (2010 සාෆ් ක‍්‍රීඩා උළෙල - පාකිස්තානය, 2013 දකුණු ආසියානු ආරාධිත තරග මාලාව - නේපාලය), ජනිත් සුරත් (2016 සාෆ් ක‍්‍රීඩා උළෙල - ඉන්දියාව), ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායකයින් වේ. ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් කණ්ඩායමක් ආසියානු ක‍්‍රීඩා උළෙලක් නියෝජනය කළ ප‍්‍රථම සහ එකම අවස්ථාව වන්නේ 1966 බැංකොක් හි පැවති ඩ වන ආසියානු ක‍්‍රීඩා උළෙලට ඩබ්ලිව්. එල්. සිරිවර්ධනගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගිවීම වේ.


    නන්දා ගණේගොඩ (1970 ඉන්දීය සංචාරය සහ කේරල - ශ‍්‍රී ලංකා 1973*, රේණුකා අබේගුණවර්ධන යාපා (1991 සාෆ් ක‍්‍රීඩා උළෙළ), රෝහිණී චන්ද්‍රිකා (1993 සාෆ් ක‍්‍රීඩා උළෙල), සන්ධ්‍යා සඳරේඛා පෙරේරා (1995 සාෆ් ක‍්‍රීඩා උළෙළ), නයනා අනූපමා ජයරත්න (1999 සහ 2006 සාෆ් ක‍්‍රීඩා උළෙල), උදේනි ප‍්‍රියදර්ශනී (1998 මධ්‍යම ආසියානු කාන්තා තරගාවලිය), දිනේෂා ප‍්‍රසාදිනී (2016 සාෆ් ක‍්‍රීඩා උළෙල) යන ක‍්‍රීඩිකාවන් ජයග‍්‍රහණ සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම් මෙහෙය වූ නායිකාවන් වේ. මෙයට අමතරව 1959 වර්ෂයේ පාකිස්තානයේ කරච්චි නුවර පැවති මොහොමඞ් අලි ජින්නා රන් කුසලාන තරග මාලාවේදී ශ‍්‍රී ලංකාවේ ඩබ්ලිව්. එල්. සිරිවර්ධන අග්නිදිග ආසියානු දක්‍ෂතම ප‍්‍රහාරකයා වශයෙන් සම්මානය හිමිකර ගැනීමත්, එල්. සී. ඒකනායක 1998 වර්ෂයේදී ලෙබනනයේ පැවති ආසියානු ක‍්‍රීඩා සමාජ ශූරතාවයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා වශයෙනුත් කසුන් චතුරංග 2003 ආසියානු පාසැල් තරග මාලාවේදී දක්‍ෂතම පන්දු ඔසවන්නා වශයෙනුත් සම්මාන ලබමින් ශ‍්‍රී ලංකාවට ගෞරවයන් හිමිකර දීමට සමත් වී ඇත. එසේම 2006 වසරේදී ප‍්‍රථම මධ්‍යම ආසියානු තරගමාලාවේ දක්‍ෂතම ලිබරෝ ක‍්‍රීඩකයා වශයෙන් ලසන්ත අබේරත්න සම්මාන ලැබීම ද මෙහිදී සිහියට නැගිය යුතුය. අද වොලිබෝල් ක‍්‍රීඩවේ විශේෂතම ස්ථානයක් හිමිව තිබෙන ලිබරෝ ක‍්‍රීඩක ස්ථානයේ ලලිත් පේ‍්‍රමලාල් සහ ගීතිකා ගුණවර්ධන ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය ලිබරෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් (1999) වේ.


    අද වනවිට ශ‍්‍රී ලංකාව තුල ජාත්‍යන්තර වොලිබෝල් පුහුණු පාඨමාලා අදියර සසස සමත් පුහුණුකරුවන් 08 දෙනෙක්ද අදියර සස සමත් පුහුණුකරුවන් 62 දෙනෙකුත් අදියර ස සමත් පුහුණුකරුවන් 132 දෙනෙකුත් සිටින අතර, මෙයට අමතරව පාසැල් සහ ක‍්‍රීඩා සමාජ පුහුණුකරුවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක්ද වොලිබෝල් ක‍්‍රීඩාව තුල රැුඳී සිටී. කේ. ඒ. කේ. විජේපාල මහතා ත්‍ෂඪඊ අදියර සසස පුහුණු පාඨමාලාවට සහ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා වේ. ඒ සමගම වොලිබෝල් ක‍්‍රීඩාව සඳහා පශ්චාත් උපාධිය ලබාගත් ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද අද වොලිබෝල් ක්‍ෂේත‍්‍රයට විශේෂ මෙහෙයක් ඉටුකරමින් සිටියි. කියුබාවේ හවානා විශ්ව විද්‍යාලයේදී පශ්චාත් උපාධිය ලබාගත් ඒ. සී. රත්නමුදලි (1986-1993), අයි. පී. විජේරත්න (1991-1997( එම පුහුණුකරුවන් වේ. ඞී. සී. අලහේන්ද්‍ර, කේ. ඒ. කේ. විජේපාල, ඩබ්ලිව්. එල්. පියරත්න සහ ඒ. ඒ. ජයතිස්ස ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික වොලිබෝල් පුහුණුකරුවන් වශයෙන් කටයුතු කර ඇත. ඩග්ලස් අලහකෝන් සහ එස්. රාජදුරෙයිගෙන් ඇරඹුණ ශ‍්‍රී ලංකා වොලිබෝල් විනිශ්චයකරුවන්ගේ සංඛ්‍යාවට අද වනවිට ජාත්‍යන්තර වොලිබෝල් විනිශ්චයකරුවන් 08 දෙනෙකුත් ් ශ්‍රේණියේ විනිශ්චයකරුවන් 138 දෙනෙකුත් ඊ ශ්‍රේණියේ විනිශ්චයකරුවන් 78 දෙනෙකුත් ක්‍ ශ්‍රේණියේ විනිශ්චයකරුවන් 27 දෙනෙකුත් ජාතික විනිසුරු අපේක්‍ෂකයින් 303 කුත් එකතු වී සිටියි. විමල් අමරසිංහ මහතා 1985 ප‍්‍රථම ජාත්‍යන්තර විනිසුරු වශයෙන් ශ‍්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයට එක්වූ අතර, ජාත්‍යන්තර තරග මාලාවකදී අවසන් මහා තරග විනිශ්චය කළ (දකුණු කොරියාව සහ ජපානය අතර 2011 ඞඞඪ වන ආසියානු කණිෂ්ඨ කාන්තා තරග මාලාව - වියට්නාමය) ප‍්‍රථම ශ‍්‍රී ලංකා විනිශ්චයකරු වශයෙන් ප‍්‍රියන්ත සෙනෙවිරත්න ශ‍්‍රී ලංකා වොලිබෝල් විනිසුරු ඉතිහාසයට එක්වෙයි. විජේසිරි පෙරේරා සහ ඩබ්ලිව්. පරණගම යන විනිසුරුවන් දැනට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් විනිසුරුවන් වේ.


    එච්. පී. සිරිවර්ධන සහ ජී. එන්. කරුණාරත්න මහතුන්ගෙන් පටන්ගත් ජාතික කණ්ඩායම් පුහුණුකරුවන් අද වනවිට පුහුණුකරුවන් 22 දෙනෙකු ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා දායකත්වය ලබාදී ඇති අතර, වර්තමාන පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් වශයෙන් චාල්ස් තිලකරත්න මහතාත් කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කියුබා ජාතික රොබාර්ටෝ සෙතොරේ මහතාත් පසුගියදා අවසන් වූ 12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම්වල පුහුණුකරුවන් වේ. ශ‍්‍රී ලංකා කණ්ඩායම් සඳහා දායකත්වය දුන් පුහුණුරුවන්ගෙන් ජැක්සන් සේනාරත්න (1973 කේරල-ඉන්දියා ටෙස්ට් තරග මාලාව), කේ. ඒ. කේ. විජේපාල මහතා (1976 පාකිස්තානු මොහොමඞ් අලි ජින්නා තරග මාලාව, 1989 ෂඪ වන සාෆ් ක‍්‍රීඩා උළෙල - පාකිස්තානය, 1991 ඪ වන සාෆ් ක‍්‍රීඩා උළෙල-කොළඹ), එන්. ඞී. ගුණසේන මහතා (1993 සාෆ් ක‍්‍රීඩා උළෙල - බංග්ලාදේශය), ඩබ්ලිව්. එම්. පියරත්න මහතා (1995 සාෆ් ක‍්‍රීඩා උළෙල - ඉන්දියාව), කේ. එස්. පීරිස් මහතා (1999 සාෆ් ක‍්‍රීඩා උළෙල - පාකිස්තානය), සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා (2010 බංග්ලිදේශය සහ 2006 සාෆ් ක‍්‍රීඩා උළෙල-ශ‍්‍රී ලංකාව, 2013 ආරාධිත දකුණු ආසියානු වොලිබෝල් තරග මාලාව - නේපාලය), චාල්ස් තිලකරත්න මහතා (2016 සාෆ් ක‍්‍රීඩා උළෙල-ඉන්දියාව), චන්න ජයසේකර මහතා (2003 ෂෂ ආසියානු පාසැල් තරග මාලාව-හොංකොං), සී. රත්නමුදලි මහතා (2006 සාෆ් ක‍්‍රීඩා උළෙල-ශ‍්‍රී ලංකාව), ඩග්ලස් අලහේන්ද්‍ර මහතා (1970 සහ 1973 ඉන්දීය ටෙස්ට් තරගමාලාව), ජී. ටී. එස්. කේ. අබේසිරිවර්ධන මහතා (1973 කේරල - ශ‍්‍රී ලංකා තරගමාලාව) ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් අතර, වොලිබෝල් පුහුණුකරුවන් අතරේ පෙරමුණේ සිටියි. මෙයට අමතරව ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩාවේ ප‍්‍රගතියට උරදුන් ආචාර්යArgis Tresodder (ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරි-1950 වසර) ආචාර්ය වී කැපෙක් (චෙකොස්ලෝවැකියානු තානාපති කාර්යාලය) සහ ආචාර්ය ඒ. පාර්කින්ස් (කැනේඩියානු තානාපති කාර්යාලය-1970), කර්ට් රාඬේ (ජර්මනිය - 1984), සුසේ නකමුරා (ජපානය - 1984), රෆායල් ටෙරි (කියුබාව - 2008), යොසුඉසුකි ඉකෙඩා (ජපානය - 2008), රොබාර්ටෝ සෙතොරේ (2016 - කියුබාව* ශ‍්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩාවට උරදුන් විදේශීය පුහුණුකරුවන් වේ.

VIS
    ජාත්‍යන්තර වොලිබෝල් තරග මාලාවන්හිදී ඉතාමත් වැදගත් තැනක් හිමිවන තාක්‍ෂණික දත්තයන්  ලබාගැනීමේ පාඨමාලාව (
Volleyball Information System - VIS) 2004 වර්ෂයේදී තායිලන්ත ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන කලාපීය වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානයේදී ප‍්‍රථමවරට හදාරනු ලැබුවේ සී. රත්නමුදලි සහ සුසිල් රණසිංහ යන මහතුන් වේ. එයට පසු සරත් කිත්සිරි, අජන්ත දහනායක සහ එරංග රත්නසේකර FIVB - VIS පාඨමාලාව හැදෑරූ නිලධාරීන්ට එකතු වී ඇත.

●●●

 


අදහස් (0)

අග්නිදිග ආසියාවේ දක්‍ෂතම ප‍්‍රහාරකයා සිරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.