
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් අන්තර් පාසල් වොලිබෝල් තරග මාලාවේ (2025) ශූරතා දෙකක් බැගින් දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල සමත් විය.
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී අද (16) නිමාව දුටු තරග මාලාවේදී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල අවසන් මහ තරග තුනකට මෙවර ප්‍රවේශවී තිබුණි. මෙම තරග මාලාව සදහා දිවයිනේ පාසල් කණ්ඩායම් 3000 ක් පමණ සහභාගි වූහ.
ඩී.එස්.අයි.සන්නාමය යටතේ ඩී.සැම්සන් සහ පුත්‍ර සමාගම මෙවරත් තරගාවලියට අනුග්‍රාහය දැක්වීය.
බාලක හා බාලිකා ඉසව් 10 කින් සමන්විත වූ තරග මාලාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 54 දෙනෙකු අති ශූරතා කුසලාන සම්මාන ලැබූහ. එහිදී වයස 15 න් පහළ බාලක ඉසව්වේ අතිශූර සම්මාන සියල්ල ජයග්‍රාහී හලාවත ශාන්ත මරියා විදුහලත් හා 19 න් පහළ - බාලිකා අවසන් තරගයේ අති ශූර සම්මාන සියල්ල හුංගම විජයබා ක්‍රීඩිකාවෝ විසින් දිනා ගැනීමත් කැපී පෙණුනි.
කෙසේවූවත් ධම්මිස්සර ජාතික පාසල ගිය වර තරග මාලාවේදී අවසන් මහ තරග පහකට නිර්දේශ ලබා ශූරතා හතරක් දිනා ගැනීමට සමත්ව තිබේ.
අවසන් මහ තරග ප්‍රතිපල : -
*වයස 11 න් පහළ : -
(බාලිකා) : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් දුක්කන්නාව කණිෂ්ඨ විදුහල වට 2 - 0 කින් (15/08 - 15/13) පරාජය කරන ලදී
*දක්ෂතම ක්‍රීඩිකාව : - ෂයිනී මදහෂීනී (ධම්මිස්සර)
(බාලක) : - ඇල්පිටිය ප්‍රාථමික විදුහල විසින් බෙන්තොට ගාමිණී ජාතික පාසල වට 2 - 0 කින් (15/01 - 15/07) පරාජය කරන ලදී.
*දක්ෂතම ක්‍රීඩකයා : -හසෙන් නිම්තරු ( ඇල්පිටිය ප්‍රාථමික)
*වයස 13 න් පහළ : -
(බාලිකා) : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල වට 2 - 0 කින් (21/16 -21/16) පරාජය කරන ලදී.
*දදක්ෂතම ක්‍රීඩිකාව : - යෙන්සදී ඉමායා (ධම්මිස්සර)
(බාලක) : - ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහ විදුහල විසින් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල වට 2 - 1 කින් (21/18 -20/21 -21/12) පරාජය කරන ලදී.
* දක්ෂතම ක්‍රීඩකයා - යූ.ඒ.එන්.ඒ.උඩවත්ත (ධර්මපාල)
* වයස 15 න් පහළ : -
(බාලිකා) :- නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල විසින් මාබිම විද්‍යාකර මහ විදුහල වට 3 - 0 කින් ( 25/17 - 28/26 -25/20) පරාජය කරන ලදී.
* දක්ෂතම ක්‍රීඩිකාව - මන්දරා මහේෂි (ජනාධිපති)
(බාලක) : - හලාවත ශාන්ත මරියා විදුහල විසින් ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහ විදුහල වට 3- 0 කින් (25/09 - 25/07 - 25/12)
*දක්ෂතම ක්‍රීඩකයා - හංසජ දිදුල බන්ඩාර (ශාන්ත මරියා)
* වයස 17 න් පහළ : -
(බාලිකා) : - මහව විජයබා මධ්‍ය මහ විදුහල ව්සින් හුංගම විජයබා ජාතික පාසල වට 3 - 1 කින් (26/28 - 25/17 - 25/20 -25/23)පරාජය කරන ලදී.
*දක්ෂතම ක්‍රීඩිකාව : - ටී.එම්.කේ.එම්.තෙන්නකෝන් (මහව විජයබා)
(බාලක) : - රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසල විසින් වලස්මුල්ල ජාතික පාසල වට 3 - 0 කින් (25/19 -25/21 - 25/13) පරාජය කරන ලදී
*දක්ෂතම ක්‍රීඩකයා : - ජී.ආර්.ජේ.එච්.ඒ.ගුණවර්ධන (රාජසිංහ)
* වයස 19 න් පහළ : -
(බාලිකා) : - හුංගම විජයබා ජාතික පාසල විසින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල වට 3 - 0 කින් (25/19 -25/08 -25/06) පරාජය කරන ලදී.
* දක්ෂතම ක්‍රීඩිකාව : - පවනී පබසරා (හුංගම විජයබා)
(බාලක) : - රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල විසින් නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල වට 3 - 1 කින් ( 25/19 -31/33 -25/15 -25/20) පරාජය කරන ලදී.
*දක්ෂතම ක්‍රීඩකයා : - කේ.එම්.වී.සී. විජේසිංහ (රාජසිංහ).

17 න් පහළ බාලක ශූරතාවය

17 න් පහළ බාලිකා ශූරතාවය

19 න් පහළ බාලක ශූරතාවය

19 න් පහළ බාලිකා ශූරතාවය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.