Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ආසියානු වොලිබෝල් ශූරතාව ඉරානයට

ආසියානු වොලිබෝල් ශූරතාව ඉරානයට

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සත්කාරක ජපානය වට 3–0කින් පරාජයට පත් කරමින් ඉරානය 2021 ආසියානු වොලිබෝල් (පිරිමි) කුසලාන දිනා ගත්තේය. අවසන් මහා තරගය ඉරානය ජයගත්තේ ලකුණු 27–25, 25–22, 31–29කටය.

ඒ අනුව, සිව් වැනි වතාවටත් ආසියානු වොලිබෝල් (පිරිමි) කුසලාන ඉරානය දිනා ගැනීමට සමත් වූයේ, තියුණු සටනකින් පසුව ජපානය ලකුණු හතකින් පරාජයට පත් කරමිනි.

අවසන් පූර්ව වටයේදී ඉරානය විසින් චීනය ද (වට 3–1), ජපානය විසින් චීනතායිපේ ද (3–1) පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී චීනයට සිය අසල්වැසි පසමිතුරු රාජ්‍යය වන චීනතායිපේ මුණගැසුණි. එහි ප්‍රතිඵලය වූයේ, වට 3–0කින් චීනය තරගාවලියේ ලෝකඩ පදක්කම ලැබීමය.

මෙවර ආසියානු ශූරතාව දිනූ ඉරානය මෙන්ම අනුශූරතාව ලද ජපානය වසර 2022 දී පැවැත්වෙන ලෝක කුසලාන වොලිබෝල් (පිරිමි) තරගාවලිය සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් සහභාගි වෙති.

මූලික වටයේදී පාකිස්ථානය විසින් දකුණු කොරියාව වට 3–0කින් පරාජයට පත්කළ අතරම, ශ්‍රේණිගත තරග වටයේදී නැවත මුණගැසීමේදීත් දකුණු කොරියානුවෝ පාකිස්ථානයට වට 3–0කින් පරාජයට පත්වූහ. කොරියානුවෝ ගියවර තරගාවලියේ සිව් වැනි ස්ථානයට පත්වූවෝ වෙති.

ක්‍රීඩකයන් අවසන් තරගයේ විවිධ ඉරියව් සඳහා තෝරා ගැනෙන විශේෂ සම්මාන හයෙන් පහක්ම දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට තේරුණේ ඉරාන ක්‍රීඩක සබීර් කසීම් ය.

තරගාවලියේ මූලික වටයේ පාකිස්ථානය හා තායිලන්තය අතර පැවැති තරගය වට 3–2 කින් පාකිස්ථානය ජය ගත්තත්, එම තරගයේ මුළු ලකුණු එකතුව 108–108 ක් ලෙස සම වීම වොලිබෝල් තරග පිටියේ දුර්ලභ අවස්ථාවක් විය.

ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය  කොවිඩ් තත්ත්වය හේතුවෙන් ලබන වසරට කල් දමා තිබේ. එම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ, 2022 මැයි 15 වැනිදා සිට 22 වැනිදා දක්වා පිලිපීනයේ ‘මැනිලා’ නුවරදීය.

 

- 223

 


අදහස් (0)

ආසියානු වොලිබෝල් ශූරතාව ඉරානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.