Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෝමියුලා-I ලෝක ශූරතාව වර්ස්ටපන්ට
ෆෝමියුලා-I

ෆෝමියුලා-I ලෝක ශූරතාව වර්ස්ටපන්ට

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මර්සිඩීස් කණ්ඩායමේ ලූවිස් හැමිල්ටන් සමග පැවැති කරට කර සටනකින් අනතුරුව මෙම වසරේ (2021) ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනාගැනීමට රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් විය. මෙවර තරග වාරයේ අවසන් ගෝන් ප‍්‍රී තරගයට පෙර ලකුණු 369.5 ක් ලබා හැමිල්ටන් සමග සම තත්ත්වයේ පසුවූ වර්ස්ටපන් අබුඩාබිහිදී පැවැති අවසන් ගෝන් ප‍්‍රී තරගය ජයගනිමින් මෙවර ලෝක ශූරතාවට හිමිකම් කීවේය.

මෙවර ෆෝමියුලා-I තරග මාලාවේ 22 වැනි ගෝන් ප‍්‍රී තරගය ලෙස අබුඩාබි ගෝන් ප‍්‍රී තරගය පැවැති අතර වට 55 කින් සමන්විත වූ එම තරගය නිමා කිරීම සඳහා වර්ස්ටපන්ට පැය 1 යි, විනාඩි 30 යි, තත්ත්පර 17.345 කාලයක් ගතවිය. මෙම ජයග‍්‍රහණයත් සමග ලකුණු 26 ක් ලබාගත් වර්ස්ටපන්, සිය මුලූ ලකුණු 369.5 ක් දක්වා ඉහළ දමාගනිමින් පළමු වරට ෆෝමියුලා-, ලෝක ශූරතාවක හිමිකරුවා බවට පත් විය.  

වර්ස්ටපන්ට වඩා තත්ත්පර 2.256 ක් පසුපසින් තරගය නිමා කළ හැමිල්ටන් සහ තත්ත්පර 5.173 ක් පසුපසින් තරගය නිමා කළ ෆෙරාරි කණ්ඩායමේ කාර්ලෝස් සේන්ස් පිළිවෙලින් අබුඩාබි ගෝන් ප‍්‍රී තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. මෙම තරගයේ දෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් හැමිල්ටන්ට ලකුණු 18 ක් හිමිවුවද, මුලූ ලකුණු සංඛ්‍යාව (ලකුණු 387.5) අනුව ලකුණු 8 කින් ඔහුට සිය 7 වැනි ලෝක ශූරතාව අහිමි විය.

මෙවර තරග වාරයට ඇතුළත් වූ ගෝන් පී‍්‍ර තරග 22 න් 10 ක් ජයගැනීමට වර්ස්ටපන් සමත් වූ අතර 8 ක් ජයගැනීමට හැමිල්ටන් සමත් විය. වෙල්ටරි බොටාස්, ඩැනියෙල් රිකාඩෝ, එස්ටෙබන්  ඕකන් සහ සර්ගියෝ පෙරේස් සෙසු තරග හතරේ ජයග‍්‍රාහකයෝ වූහ. එහිදී හැමිල්ටන් දෙවැනි ස්ථාන 8 කට සහ තෙවැනි ස්ථානයකටද, වර්ස්ටපන් දෙවැනි ස්ථාන 8 කටද හිමිකම් කීහ.

හැමිල්ටන් සහ වෙල්ටරි බොටාස් නියෝජනය කළ මර්සිඞීස් කණ්ඩායම ලකුණු 613.5 ක් ලබාගනිමින් මෙවර තරග වාරයේ කණ්ඩායම් ශූරතාව දිනාගත්හ.

වර්ස්ටපන් සහ සර්ගියෝ පෙරේස් නියෝජනය කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 585.5 ක් ලබා එහි දෙවැනි ස්ථානයටත්, කාර්ලෝස් සේන්ස් සහ චාල්ස් ලැක්ලර්ක් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම ලකුණු 323.5 ක් ලබා තෙවැනි ස්ථානයටත් පත් විය.


2021 තරග වාරයේ ලකුණු සටහන
1 මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - ලකුණු 395.5
2 ලූවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - ලකුණු 387.5
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - ලකුණු 226
4 සර්ගියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - ලකුණු 190
5 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - ලකුණු 164.5
6 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ලකුණු 160
7 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - ලකුණු 159
8 ඩැනියෙල් රිකාඩෝ (මැක්ලරන් මර්සිඩීස්) - ලකුණු 115
9  පෙයිරි ගෑස්ලි (ඇල්ෆාටවුරි හොණ්ඩා) - ලකුණු 110
10 ෆර්නෑන්ඩෝ ඇලන්සෝ (ඇල්ෆයින් රෙනෝල්ට්) - ලකුණු 81

-036

 


අදහස් (0)

ෆෝමියුලා-I ලෝක ශූරතාව වර්ස්ටපන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.