Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට පැරදුණොත් ශ්‍රී ලංකාව ගෙදර
ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන පූර්විකාව

හෙට පැරදුණොත් ශ්‍රී ලංකාව ගෙදර

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සුපිරි 12 දෙනාගේ වටයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් ‘ඒ’ කාණ්ඩයේ 5 වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ඉරණම විසදෙන තීර්ණාත්මක තරගය හෙට (1 වැනිදා) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මේ වනවිට ලකුණු 5 බැගින් ලබා ‘ඒ’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටීම හේතුවෙන් තව දුරටත් තරගාවලිය තුළ රැදී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයේදී අනිවාර්යෙන්ම ඇෆ්ඝනිස්ථානය පරාජය කළ යුතුය. එවිට ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 4 ක් බවට පත්වනු ඇත.

කෙසේ වුවත් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙම මස 5 වැනිදා පැවැත්වෙන තරගයේදී එංගලන්තයද පරාජය කළ යුතුය. එසේම සෙසු තරගවලදී නවසීලන්තය හමුවේ එංගලන්තය සහ අයර්ලන්තයත්, ඇෆ්ඝනිස්තානය හමුවේ ඕස්ට්‍රේලියාවත් පරාජයට පත් විය යුතුය.

යම් හෙයකින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඇෆ්ඝනිස්තානය අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායම එංගලන්තය සහ අයර්ලන්තය හමුවේ පරාජයට වන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. මෙම ආකාර දෙකෙන් කුමන ආකාරයට වුවත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසින් පමණි.

සහභාගි වූ තරග දෙකක් වැස්සට සේදීයෑම හේතුවෙන් ලකුණු 2 ක් ලබා සිටින ඇෆ්ඝනිස්ථානයටද තවමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවති. ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතුය. එබැවින් හෙට තරගයේදී ඇෆ්ඝනිස්තානය පරාජය කිරීම ශ්‍රී ලංකාවට එතරම් පහසු කාර්යයක් නොවනු ඇත.

දිගින් දිගටම බිග් බෑෂ් විස්සයි-20 ලීගයට ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාවේ තණතීරුවල හැසිරීම පිළිබඳව ඇෆ්ඝනිස්තාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රෂීඩ් ඛාන් සහ මුජිබුර් රහමන් ලබා ඇති අත්දැකීම් සමූහය හෙට තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.  

එබැවින් රෂීඩ්ට සහ මුජිබුර්ට තරමක් ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදෙන අතරම ආසියානු කුසලාන පළමු තරගයේදී සිදුවූ අයුරින් ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන්නන් හමුවේ පසුබෑමට ලක්වීමෙන් වැළකී සිටීමටද ශ්‍රී ලංකා පිතිකරුවෝ වග බලාගත යුතුය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අධිවේගී ඕවර 6 තුළ කඩුලු ලබා නොදී පිතිහරඹයේ නිරත වුවහොත් එය තරගයේ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී යාපනය කණ්ඩායමට ක්‍රීඩා කිරීම තුළින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණට මුහුණදිම සඳහා මනා පුහුණුවක් ලබා සිටින ඇෆ්ඝනිස්තාන ආරම්භක පිකිකරු රහ්මනුල්ලා ගුර්බාස් කල්වේලා ඇතිවම දවාගැනීම හෙට තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පැවරෙන ප්‍රධානම කාර්යයක් වනු ඇත.

පන්දු රැකීම සහ පන්දුවට පහරදීම පමණක් නොව පන්දු රැකීමේ අංශය පිළිබඳවද ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බව අවසන් තරග කිහිපියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙන්ගේ පන්දු රැකීම දුටු කාහටත් වැටහෙනු ඇත. එබැවින් තරග ජයගැනීම සඳහා උඩ පන්දු රැකගැනීම අත්‍යවශ්‍ය කරුණයක් බව තරයේ මතක තබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටියට පිවිසිය යුතුය.  


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අෂේන් බණ්ඩාර


ඇෆ්ඝනිස්ථාන සංචිතය
මොහොමඩ් නබී (නායක), හස්රතුල්ලා සසායි, රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, උස්මාන් ඝානි, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, ෆරීඩ් අහමඩ්, ෆසාල්හක් ෆකූරි, කායිස් අහමඩ්, නවීන් උල්හක්, දර්විෂ් රසූලි සහ මොහොමඩ් සලීම්

 


අදහස් (0)

හෙට පැරදුණොත් ශ්‍රී ලංකාව ගෙදර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.