Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හීරා ප‍්‍රබලයන් අතරට පිවිසෙයි

හීරා ප‍්‍රබලයන් අතරට පිවිසෙයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි විවෘත අංශයේ අද (20 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලින් ජය ලැබූ හීරා ආෂික්, සංඛ අතුකෝරාල, අම්රේෂ් ජයවික‍්‍රම සහ දිනේෂ්කාන්තන් තංගරාජා යන කී‍්‍රඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

ශී‍්‍ර ලංකා ටෙනිස් පිටියේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන සංඛ අතුකෝරාල, අම්රේෂ් ජයවික‍්‍රම සහ දිනේෂ්කාන්තන් තංගරාජා යන කී‍්‍රඩකයන් අතරට එක්වීමට හීරා ආෂික් සමත් වී සිටී.

කාන්තා අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගද අද පැවැත්වුණ අතර රොෂෙන්කා ප‍්‍රනාන්දු, තෙව්නි දේවරාජා, කාවින්ද්‍යා ද සිල්වා සහ අම්රිතා මුත්තයියා යන කී‍්‍රඩිකාවෝ ඒවායින් ජය ලබා අවසන් පූර්ව වටයට තේරී පත්වූහ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතය.

විවෘත පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • හීරා ආෂික් විසින් එම්. ඒ. ශකීර් තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදී. (6/3, 5/2)
  • සංඛ අතුකෝරාල විසින් තන්වීර් ආශික් තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදී. (6/3, 6/4, 7/6)
  • අම්රේෂ ජයවික‍්‍රම විසින් යසිත ද සිල්වා තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදී. (6/3, 6/4, 7/6)
  • දිනේෂ්කාන්තන් තංගරාජා විසින් නිශාංගන් නඩරාජා තරග වට 3 - 1 ක් ලෙස පරාජය කරන ලදී. (6/1, 6/2, 6/7, 6/3)

විවෘත කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • රොෂෙන්කා ප‍්‍රනාන්දු විසින් තරග වට 2 - 0 ක් ලෙස හසිඳි ලොකුගේ පරාජය කරන ලදී. (6/1, 6/0)
  • තෙව්නි දේවරාජා විසින් තරග වට 2 - 1 ක් ලෙස කේමාලි හේරත් පරාජය කරන ලදී. (7/6, 0/6, 6/3)
  • කාවින්ද්‍ය ද සිල්වා තරග වට 2 - 1 ක් ලෙස මෙදීරා සමරසිංහ පරාජය කරන ලදී. (2/6, 6/3, 7/5)
  • අම්රිතා මුත්තයියා විසින් තරග වට 2 - 0 ක් ලෙස මෙලීසා ජයවර්ධන පරාජය කරන ලදී. (6/0, 6/0)

 


අදහස් (0)

හීරා ප‍්‍රබලයන් අතරට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.