Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීකුගේ ප්‍රසන්නගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය ලෙස කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් විය. කොළඹ කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ඔවුන්ට හැකිවිණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 6 කදී හයේ පහර 5 ක් සමග නොදැවී වේගවත් ලකුණු 32 ක් රැස්කළ සීකුගේ ප්‍රසන්න කොළඹ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට සිදුව තිබූ අතර ළහිරු කුමාර යැවූ එම ඕවරයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි පන්දුවලට පිට පිටම හයේ පහර 3 කින් සංග්‍රහ කරමින් සීකු සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
තරමක් මන්දගාමී පිතිහරඹයක නිරත වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 29 ක්ද, වේගවත් පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. තරග 15 ක් අවසානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින චන්දිමාල් මේ දක්වා ක්‍රීඩා කළ තරග 6 දී ලකුණු 225 ක් ලබාගෙන සමත්ව ඇත්තේ 56.25 ක සාමාන්‍යයක් සහ 156.25 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි.
කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් නායක මැතිව්ස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්තේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෙනාර් ලුවිස් (62) සහ චරිත් අසලංක (28) වොරියර්ස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ. පන්දු 44 කට මුහුණදුන් ලුවිස් හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 18 කදී වාර්තා වූ අසලංකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ඔවුන් දෙදෙනා හැරුණුකොට කලම්බු කිංග්ස් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ ලකුණු අතරට පැමිණීමට අසමත් වූහ. එහිදී පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර ධනංජය ද සිල්වා, අෂාන් ප්‍රියන්ජන්, සීකුගේ ප්‍රසන්න, නවීන් උල්හක් සහ රවී රාම්පාල් එක් කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ.
කැන්ඩි වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 146
(කෙනාර් ලුවිස් 62, චරිත් අසලංක 28, නිමේෂ් විමුක්ති 12, දුෂ්මන්ත චමීර 35/4)
කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 150
(ඇන්ජලෝ මැතිව්ස් 29, තික්ෂිල ද සිල්වා 15, අෂාන් ප්‍රියන්ජන් 15, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 12, දිනේෂ් චන්දිමාල් 44, සීකුගේ ප්‍රසන්න නොදැවී 32, නිමේෂ් විමුක්ති 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.