Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 52 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද (6 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මේ වන විටත් තරගාවලියේ අවසන් වටයෙන් ඉවත්ව සිටින හයිද්‍රාබද් කණ්ඩායම මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 13 න් තරග 10 ක්ම පරාජය වී තිබේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. බුවනේෂ්වර් කුමාර් යැවූ අවසන් ඕවරයේදී බැංගලෝර් ක්‍රීඩකයන්ට තරගය ජය ගැනීම සඳහා ලකුණු 13 ක් රැස්කිරීමට සිදුව තිබුණද, එහිදී ඔවුන් රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. ඒ.බී. ඩිවිලියස් ලකුණු 19 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර කේන් විලියම්සන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඔහු දුවද්දී දැවී යෑමකට හසුවීම තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්විය. ආරම්භක පිතිකරු දෙව්දූත් පඩික්කල් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. එහිදී හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේසන් රෝයි පන්දු 38 කින් ලකුණු 44 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. පන්දු 29 කදී වාර්තා වූ කේන් විලියම්සන්ගේ (31) ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්ෂාල් පටේල් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත් අතර ඩැනියෙල් ක්‍රිස්ටියන් ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගනිමින් හයිද්‍රාබාද් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා පටේල්ට අනගි සහායක් දුන්නේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 141
(ජේසන් රෝයි 44, කේන් විලියම්සන් 31, ප්‍රියාම් ග්‍රාග් 15, ජේසන් හෝල්ඩර් 16, හර්ෂාල් පටේල් 33/3, ඩැනියෙල් ක්‍රිස්ටියන් 14/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 137
(දෙව්දූත් පඩික්කල් 41, ග්ලේන් මැක්ස්වෙල් 40, ඒ.බී. ඩිවිලියස් නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.