Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හම්බන්තොට ‘බ්ලූස්’ - කොළඹ අවසන් තරගයට

හම්බන්තොට ‘බ්ලූස්’ - කොළඹ අවසන් තරගයට

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය සහ කොළඹ පැසිපන්දු සමාජය සමත්විය.

මෙම තරගාවලියේ අවසන් වටය තරග 3 කින් සමන්විත වූ අතර එහි පළමු වැනි තරගය සුපිරි අට දෙනාගේ වටයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු (නාවික හමුදාව) සහ දෙවැනි (හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය) ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර පැවැත්විණ.

එහිදී ලකුණු 82-55 ක් ලෙස නාවික හමුදාව පරාජය කළ හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය පළමුවෙන්ම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් වටයේ දෙවැනි තරගය ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි (කොළඹ පැසිපන්දු සමාජය) සහ සිව්වැනි (ඇවත්ගාඞ් කී‍්‍රඩා සමාජය) ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර පැවැත්විණ.

එම තරගයේදී ඇවන්ගාඞ් කී‍්‍රඩා සමාජය හමුවේ ලකුණු 68-63 ක තියුණු ජයක් ලැබූ කොළඹ පැසිපන්දු සමාජය තවත් පියවරක් ඉදිරියට තබමින් අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව අවසන් වටයේ තෙවැනි තරගය, පළමු තරගයෙන් පරාජයට පත්වූ නාවික හමුදාව සහ දෙවැනි තරගයෙන් ජය ලැබූ කොළඹ පැසිපන්දු සමාජය අතර පෙරේදා (25 වැනිදා) පැවැත්විණ. එහිදී නාවික හමුදාව පරදවා ලකුණු 83-61 ක් ලෙස ජය ලැබූ කොළඹ පැසිපන්දු සමාජය  මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ වුවත් සුපිරි අට දෙනාගේ වටයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැුදී සිටි නාවික හමුදාව, මෙලෙස අවසන් වටයේ තමන් සහභාගී වූ තරග 2 න්ම පරාජයට පත්වී තරගාවලියෙන් ඉවත් වීම කැපීපෙනෙන සිදුවීමක් විය.

ඉකුත් වසරේ දෙකේ (2013 සහ 2012) පැවැති තරගාවලිවල අවසන් මහ තරග සඳහාද මෙම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබාගත් අතර එහිදී හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය 2013 වසරේද, කොළඹ පැසිපන්දු සමාජය 2012 වසරේද කාල්ටන් කුසලාන පැසිපන්දු ශූරතා දිනාගැනීමට සමත්විය.  

තරගාවලියේ අවසන් මහ තරගය අනිද්දා (27 වැනිදා) පස්වරු 7.30 ට කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

හම්බන්තොට ‘බ්ලූස්’ - කොළඹ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.