Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව මේ මස පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා හදිසියේ අවශ්‍ය වුවහොත් කැඳවීමේ අරමුණ ඇතිව ක්‍රීඩකයන් 13 දෙනෙක් මේ වනවිට කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක නිරෝධායනයට ලක්කර ඇත. ඔවුන් හෙට (2 වැනිදා) දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
වාර්ෂික ගිවිසුම් සඳහා තෝරාගනු ලැබ සිටින නමුත් තවමත් එම ගිවිසුම් අත්සන් නොකළ ක්‍රීඩකයන් ඉන්දීය තරගාවලියට පෙර අදාළ ගිවිසුමට අත්සන් නොකලහොත් ජාතික කණ්ඩායමට කැඳවීම සඳහා මෙම ක්‍රීඩකයන් 13 දෙනා සූදානමින් තබා තිබේ. මෙම ක්‍රීඩකයන් 13 දෙනාටම දේශීය ගිවිසුම් පිරිනමා ඇති අතර ඔවුන් එම ගිවිසුම් වලට අත්සන් කර ඇතැයි ද දැනගන්නට තිබේ.
මෙම ක්‍රීඩකයන් 13 දෙනාම ‘ජ්‍යෙෂ්ඨ’ යන කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.
එංගලන්තය බලා ගිය 24 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධණුෂ්ක ගුණතිලක මේ වනවිටත් තරග තහනමකට ලක්වී ඇති අතර ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටියද අද පැවැති දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළේය.
මේ අතර මේ වන විට දඹුල්ලට යවා තිබෙන ක්‍රීඩකයන් 26 දෙනා අතරට ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා තෝරා ගන්නා ලද පන්දු යවන්නන් කිහිප දෙනකුද එකතු කිරීමට තේරීම් කමිටු නිලධාරීන් උත්සාහ කර ඇතත් ගිවිසුම් අත්සන් කිරීම එම ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් මෙම ක්‍රීඩකයන් දඹුල්ලෙන් ඉවත් කර තිබේ.
ඉන්දියාව සමගින් පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ජූලි 21, 23 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වේ.
හදිසියේ කැඳවීමට සූදානම් කළ 13 දෙනාගේ සංචිතය
අශාන් ප්‍රියංජන්, ළහිරු ගමගේ, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය, ළහිරු මධුශංක, මාලින්ද පුෂ්පකුමාර, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, සඳුන් වීරක්කොඩි, ඩිල්ශාන් මුණවීර, චතුරංග ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩසේ
- 2079
ff Sunday, 04 July 2021 07:38 AM
අනිත් අයට වඩා හොඳයි මේ කණ්ඩායම...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.