Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෝබර්ස් සම්මානයට පාකිස්තානයෙන් 2ක්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලාන

සෝබර්ස් සම්මානයට පාකිස්තානයෙන් 2ක්

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලාන සඳහා නිර්දේශවූ නාමයන් අතරට එංගලන්තයේ ජෝ රූට්, නවසීලන්තයේ කේන් විලියම්සන්, පාකිස්තානයේ ශහීන් අෆ්රිඩි සහ මොහොමඞ් රිස්වාන් එක්වූහ.

මේ වසරේ ජනවාරී 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාළය තුල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මේ සම්මාන උළෙල පැවැත්විමට නියමිතව ඇත.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට් ජාත්‍යන්තර තරග 18 කදී ශතක 6 ක් සමගින් ලකුණු 1855 ක් ලබාගෙන ඇති අතර මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්විය. එමෙන්ම එංගලන්ත වෙනුවෙන් වසරකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙසද ඔහු ඉතිහාසගත විය. රූට්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 58.37 කි.

නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් මේ වසර තුල ජාත්‍යන්තර තරග 16කදී එක් ශතකයක් සමඟින් ලකුණු 693 ක් ලබාගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 43.31 කි.

විලියම්සන්ගේ පිත්තෙන් මේ වසර තුලදී නවසීලන්ත කණ්ඩායමට ලොකු දෙයක් නොලැබුනද ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට සහ විස්සයි20 ලෝක කුසලානයේ අවසන් තරගය දක්වා සිය කණ්ඩායම රැගෙන යාමේදී ඔහුගේ නායකත්වය විශාල වශයෙන් ඉවහල් විය.

පාකිස්තානයේ නවතම සොයා ගැනීම වූ දකුණතින් වේග පන්දු යවන ශහීන් අෆ්රිඩි ජාත්‍යන්තර තරග 36 කදී කඩුලූ 78 ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 22.20 ක් ලෙස රඳවා ගෙන ඇත. ලකුණු 51 කට කඩුලූ 6 ක් දවාගනිමින් ඔහුගේ හොඳම පන්දු යැවීමද වාර්තා කිරීමට සමත්විය.

ශහීන් අෆ්රිඩිට මේ වසර (2021) මතකයන් පිරි වසරක් වන අතර ටෙස්ට් සහ විස්සයි20 තරග වලදී ඔහුගේ උපරිම අවස්ථාවට ලඟාවිය. එහිදී ඔහුගේ වේගය සහ දක්ෂතාවයන් සියල්ලන්ම විශ්මයට පත් කළේය.

මේ වසරේදී (2021)  වසරේ ක‍්‍රිකට් ක‍්‍රිඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් කුසලාන සඳහා නිර්දේශවූ දෙවැනි පාකිස්තාන ක‍්‍රීඩකයා වූ මොහොමඞ් රිස්වාන් ජාත්‍යන්තර තරග 44 කදී ශතක 2 ක් සමගින් ලකුණු 1915 ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 56.32 ක් වන අතර කඩුල්ල පිටුපස සිට දවාගැනීම් 56 කට ඔහු දායකවී ඇත.

තරග 29 කදී ලකුණු 1326 ක් ලබාගනිමින් මේ වසරේ වැඩිම විස්සයි20 ලකුණු ලාභියා මෙන්ම විස්සයි20 ක‍්‍රිකට් ඉතිහාසයේ වසරකදී වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩකයා බවට පත්විමටද මොහොමඞ් රිස්වාන් සමත්විය.

- 2079


අදහස් (0)

සෝබර්ස් සම්මානයට පාකිස්තානයෙන් 2ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.