‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 23 න් පහළ ‘මුරලි කුසලාන’ කාන්තා ක්‍රිකට් තරගාවලිය තෙවැනි දිනයටත් අද (23 වැනිදා) පැවැති අතර පළමු වටයේ තරගයකදී බදුල්ල කාන්තා පිල එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කරදීමට විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශක්ති කාන්තා පිලේ නායිකා සචිනි සෙව්වන්දී සමත්වූවාය.
බදුල්ල කාන්තා පිලට එරෙහිව යවන ලද අවසන් පන්දු ඕවරය සචිනි සෙව්වන්දී විසින් යවන ලද අතර එහිදී ලකුණු 2 ක් ලබාදෙමින් කඩුලු 4 ක් දවාගැනීමට සෙව්වන්දි සමත්වූවාය. තරගයේදී ඕවර 3 ක් යවමින් ලකුණු 7 ක් ලබාදී කඩුලු 4 ක් දවාගත් සචිනි සෙව්වන්දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය.
අද පැවැත් තවත් තරග දෙකකදී පොලොන්නරුව කාන්තා පිල පරදවමින් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මාතලේ කාන්තා පිලත්, මොණරාගල කාන්තා පිල පරදවමින් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සීනීගම කාන්තා පිලත් සමත්වූහ.
ශක්ති කාන්තා පිලට කඩුලු 4 ජයක්
බදුල්ල කාන්තා පිල - ඕවර 15 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 90
(ජානකී රත්නායක 20, සචිනි සෙව්වන්දී 7/4, තිළිණි ලක්ෂිකා 18/2)
ශක්ති කාන්තා පිල - ඕවර 12.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 92
(දිලිනි යසාරා 25, සුගන්දිකා ගිම්හානී නොදැවී 25, සචිනි උත්තරා 15/3)
මාතලේ කාන්තා පිලට කඩුලු 7 ක ජයක්
පොලොන්නරුව කාන්තා පිල - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 93
(චන්ද්‍රකාන්ති අත්තනදෙනිය 34, මදුශානි ශෂිකලා 22, දිල්රුක්ෂි අරඹේගොඩ 15/2, සඳමිණි ලංකා 19/2)
මාතලේ කාන්තා පිල - ඕවර 11.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 97
(ලක්මිණි කොස්වත්ත 26, චාමලි පුස්සැල්ල 24, චන්ද්‍රකාන්ති අත්තනදෙනිය 19/2)
සීනීගම කාන්තා පිලට කඩුලු 5 ක ජයක්
මොණරාගල කාන්තා පිල - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 99
(පේෂලා රණහංසි 50, නිරෝෂි සංජීවනී 23)
සීනීගම කාන්තා පිල - ඕවර 11.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 102
(සත්‍යා සංදීපනී නොදැවී 50, මොනිකා චාන්දනී 16/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.