Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනාට වාසනාව ගෙනෙන හාදයා

සෙරීනාට වාසනාව ගෙනෙන හාදයා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිය 6 වැනි විම්බල්ඩන් කිරුළට අතපොවන මානයේ සිටින අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පෙරේදා රුසියාවේ මරියා ෂරපෝවා පරාජය කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී එක්තරා මාධ්‍යවේදියකු ඇගෙන් අපූරු ප‍්‍රශ්නයක් ඇසීය.


”මෙයා ද ඔයාගේ වාසනාවේ සංකේතය...”

යයි කියමින් ඔහු සෙරීනාගෙන් විමසුවේ ෂරපෝවා හා පැවැති තරගය අතරතුර සෙරීනාගේ අමුත්තන් සඳහා වෙන්වූ කුටියේ සිටි, පසුව ඇය සමග මාධ්‍ය හමුවේ දී එක ළග වාඩි වී සිටි එක්තරා කඩවසම් හාදයකු පෙන්වමිනි.

ඔහු අන් කිසිවකු හෝ නොව වසර 2007 සිට, ලොවට හොරා සෙරීනා හා පෙමින් වෙළී සිටියේ යැයි කියන කැනඩාවේ ජනපි‍්‍රය රැප් ගායක ඩ්‍රේක් ය. දැඩි වෙහෙසක් ගෙන සකස් කොටගත් පෙනෙන අපූරු රැවුලකින් හා හිසකේ විලාසිතාවකින් සැරැසී සිටි ඩ්‍රේක් දැන් ටික කාලයක සිට නැවතත් සෙරීනා යන යන තැන පෙනෙන්නට සිටින චරිතයක් බවට පත්වී සිටී.

මාධ්‍යවේදියා ඇසූ ප‍්‍රශ්නයෙන් ඇය එතරම් කළබලයට පත්වූ බවක් පෙන්වූයේ නැත. එමෙන්ම මාධ්‍යවේදියාගේ ප‍්‍රශ්නය ඇසුණු විගස ඩ්‍රේක්ද හඩ නගා හිනැහෙන්නට විය.

”වාසනාව ගැන කියනවා නම් ඒක නිතරම අප වටා කැරැකෙන දෙයක්. අපි දෙන්නා අවුරුදු ගණනාවක ඉඳලා හොඳ යාළුවෝ. එක පවුලේ අය වගේ..”...ඩ්‍රේක් දෙසට නෙත් හෙලමින් සෙරීනා එසේ කීවාය.

ටොරොන්ටෝ නුවර රැප් සංගීත ක්ෂේත‍්‍රයේ වැඩිපුර කතාබහ කෙරෙන චරිතයක් වන ඩ්‍රේක් එකළ හොඳ ළමා නළුවකු විය. එහෙත් පසුව සංගීතයට යොමුවූ අතර හිප් හොප්  ගීත කලාවෙන් වැඩි දස්කම් දක්වන්නෙකි. හෙතෙම කාන්තාවන් අතර ද අතිශයින්ම ජනපි‍්‍රය චරිතයකි.

තවමත් 28 හැවිරිදි වියෙහි පසුවන මේ කඩවසම් තරුණයා එදා සෙරීනාගේ මාධ්‍ය හමුවේ දී කාගෙත් කතාබහට ලක්වූයේ එසේ ය.

”එක පවුලේ අය වගේ...”  
සෙරීනා හා ඩ්‍රේක් අතර වසර 3 ක කාලයක් පුරා පැවැති පෙම් පළහිලව්ව හා කාන්තාවන්ගේ අතර ඉතාමත් ජනපි‍්‍රය චරිතයක් ලෙස ප‍්‍රකට ඩ්‍රේක්ගේ නොම්මරේ දන්නා අය දැන් මේ නොම්මර එකේ කී‍්‍රඩිකාවගේ ප‍්‍රකාශය හාස්‍යයට ලක් කරන්නේ එසේ කියමිනි.


- 077


අදහස් (0)

සෙරීනාට වාසනාව ගෙනෙන හාදයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.