Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා වසරේ සිවුවැනි ශූරතාවත් හඹා යයි

සෙරීනා වසරේ සිවුවැනි ශූරතාවත් හඹා යයි

ශනුක අරවින්ද - 2015 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙනිස් කරළියේ වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගොන්නේ සිවුවැන්නත් අත්පත් කරගැනීමට මාන බලමින් සිටින නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ නිමාවට පත්වූ දෙවැනි වටයේ දී නෙදර්ලන්තයේ කිකී බර්ටන්ස් ලකුණු 7-6 ක් සහ 6-3 කින් පරදවා තවත් පියවරක් ඉදිරියට තැබුවාය.

135 වැනි වරටත් පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තරගකාරීත්වය සහ උණුසුම්භාවය මේ වනවිට වැඩි වෙමින් පවතින අතර ප‍්‍රබල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නවකයන් අතර ජයග‍්‍රහණයත් පරාජයත් දෝලනය වීමට පටන් ගෙන තිබේ.

බිලි ජීන් කිං ජාතික ටෙනිස් කී‍්‍රඩා මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙවර තරගාවලියට නම් දැරූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියල්ලන්ම පාහේ කී‍්‍රඩා කරන අතර වැඩිපුර අවධානය ඇද ගැනිමට සුපුරුදු පරිදි සෙරීනා සමත්වී සිටින්නීය. ඇය මේ තරම් ආකර්ශනයට පාත‍්‍රවී ඇත්තේ සත්කාරක රටෙහිම කී‍්‍රඩිකාවක් වන නිසාම නොව අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව පසුගිය වසර තුනේදීම පිට පිට අත්කර ගැනීම හේතුවෙනි. දැන් ඇගේ අරමුණ සිවුවැනි වරටත් ඒ දස්කම කිරීමටය.

කෙසේවෙතත් ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල 110 තැන සිටින කිකී බර්ටන්ස් මේ තරගයේදී  සුපිරි කී‍්‍රඩිකාවගේ ඉවසීම පරික්ෂා කර බැලූ වාර ගණන නම් කිහිපයකි. පළමු වටයේ මුල් භාගයේ දී ඇය සෙරීනාට ඉතා හොඳ තරගයක් දුන්නාය. අවසානයේ සෙරීනා එම වටයේ ජය හිමිකරගත්තේ දශක දෙකක සිය වෘත්තීය පළපුරුද්දේ පිහිටෙනි.

ප‍්‍රතිවාදී කී‍්‍රඩිකාව අභිබවා යන සෑම මොහොතකම පිටිය සිසාරා යටිගිරියෙන් කෑ ගසන හඩක් ඇසෙන්නේ නම් ඒ නියත වශයෙන්ම සෙරීනාගේ බව සැවොම දන්නා කාරණාවකි. එම වටයේ නිමාවෙන් පසුව සෙරීනා ඇති තරම් එසේ කෑගැසුවාය.

පළමු වටයේ දී තමා සුපුරුදු දස්කම් අතරට පැමිණියේ නැතැයි ඇය පසුව කියා සිටියාය. එහෙත් දෙවැනි වටයේ දී සියලූ දුර්වලතා ඇය නිවැරැදි කර ගත්තාය.

”මම ටිකක් හිරවෙලයි හිටියේ.” ඇය එසේ කියන්නේ ලජ්ජාවකින් යුතුවය.

පළමු වටයේ දී 23 හැවිරිදි යොවුන් කී‍්‍රඩිකාව වෙතින් ලැබූ අසීමිත පීඩනය සෙරීනා බලාපොරොත්තු වූ දෙයක් නොවීය.

”පළමු වටයෙන් පස්සේ මම පැටි‍්‍රක් ළගට ගියා. එයා මට පෙන්නලා දුන්නා මගේ වැරැදි කිහිපයක්. ඒවා මම ඉක්මනින්ම හදාගත යුතු දේවල්.” ඇය කියන්නේ ඇගේ පුහුණුකාර පෙම්වතා පැටි‍්‍රක් මොරාටොග්ලෝ ගැනය.

ඊයේ තරගය නැරැඹීමට පැමිණ සිටි සෙරීනාගේ පවුලේ උදවිය ද සිටියේ තැති ගැන්මකිනි. එවැනි කිසිදු බියක් හෝ තැති ගැන්මකින් තොරව සිටියේ ඇගේ පවුලේ අය කැටුව පැමිණ සිටි සෙරීනාගේ සුරතල් බලූපැටවා පමණි. ඌ සිටියේ සැහැල්ලූවෙනි.

 

 


අදහස් (0)

සෙරීනා වසරේ සිවුවැනි ශූරතාවත් හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.