Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩකාර් රැළියේ ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි අදියර ජයගැනීමට නමවරක් ලෝක රැළි ශූරතාව දිනා ඇති ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමත් විය. සෞදි අරාබියේ හායිල් ප්‍රදේශයේ සිට අල් කයිසුමා ප්‍රදේශය දක්වා කිලෝ මීටර් 338 ක දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා ලොබ්ට ගතවූ කාලය පැය 3 යි විනාඩි 25 කි.
ලොබ්ට වඩා විනාඩි 3 යි, තත්ත්පර 28 ක් පසුපසින් තරගය නිමා කළ කටාරයේ නේසර් අල් අතියා එම අදියරේ දෙවැනි ස්ථානයට පත්විය. කෙසේ වුවත් තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ඩකාර් රැළි 3 ක් ජයගෙන ඇති අල් අතියා සමත්ව සිටියි.
සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ලොබ්, දෙවැනි අදියර ජයගැනීමත් සමග තමා සහ අල් අතියා අතර පැවැති කාල පරතරය විනාඩි 9 යි, තත්ත්පර 16 ක් දක්වා අඩුකර ගැනීමටද සමත් විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන ලුසියෝ අල්වාරෙස් සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 40 යි, තත්ත්පර 53 කි.
දෙවැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ස්පාඤයේ කාර්ලෝස් සේන්ස් සහ ප්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලොබ්ට වඩා විනාඩි 5 යි, තත්ත්පර 52 ක් සහ 7 යි, තත්ත්පර 56 ක් පසුපසින් එම අදියර නිමා කළහ. ලොබ්ගේ කණ්ඩායම් සගයා වන ස්පාඤයේ නානි රෝමා ලොබ්ට වඩා විනාඩි 8 යි, තත්ත්පර 02 ක් පසුපසින් රැදෙමින් පස්වැනි ස්ථානයට පත්විය.
“මාර්ගය ඉතාමත් හොඳින් පැහැදිලිව දැකගැනීමට පුළුවන් තත්ත්වයේ තිබුණා. අවසානයේදී එය ලෝක රැළි ශූරයන් දෙදෙනෙක් අතර පැවැති සුවිශේෂී තරගයක් බවට පත්වුණා. ඔහු (අල් අතියා) ධාවන පථය හොඳින් එළිපෙහෙළි කර තිබූ නිසා මට ඔහුව හඹාගොස් ඉස්සර කිරීමට පහසු වුණා. ඉන් අනතුරුව මම ටිකෙක් ටික පරතරය වැඩි කරගත්තා.” යැයි දෙවැනි අදියරේ ජයග්‍රහණයෙන් පසුව ලොබ් පැවසීය.
දෙවැනි අදියරේ ප්‍රතිඵලය
1 සෙබෙස්තියන් ලොබ් (ප්රංශය) - පැය 3 යි, විනාඩි 25 යි
2 නේසර් අල් අතියා (කටාරය) - පැය 3 යි, විනාඩි 28 යි, තත්ත්පර 28 යි
3 කාර්ලෝස් සේන්ස් (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 30 යි, තත්ත්පර 52 යි
4 ස්ටීවන් පීටර්හැන්සල් (ප්‍රංශය) - පැය 3 යි, විනාඩි 32 යි, තත්ත්පර 56 යි
5 නානි රෝමා (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 33 යි, තත්ත්පර 02 යි
සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 6 යි, විනාඩි 59 යි, තත්ත්පර 21 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප්රංශය) - පැය 7 යි, විනාඩි 08 යි, තත්ත්පර 37 යි
3 ලූසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 7 යි, විනාඩි 40 යි, තත්ත්පර 14 යි
4 ගිනියෙල් ඩි’ විලියස් (දකුණු අපි‍්‍රකාව) - පැය 7 යි, විනාඩි 40 යි, තත්ත්පර 43 යි
5 ව්ලැඩිමිර් වැසිලියෙව් (රුසියාව) - පැය 7 යි, විනාඩි 43 යි
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.