Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙබස්තියනයිට්ස් පසු බහිද්දී කෝල්ට්ස් ඉහළ නගී
අන්තර් සමාජ මේජර් ලීග්

සෙබස්තියනයිට්ස් පසු බහිද්දී කෝල්ට්ස් ඉහළ නගී

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 90 ක් නිමාවට පත්වන විට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය පසුපසට ඇද දමමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. 

තරග 80 ක් අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවූ කෝල්ට්ස් කණ්ඩායම එහි පෙරමුණ ගැනීමට සමත් වූයේ ඉකුත්දා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමක් සමගිනි. 

මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කර ඇති කෝල්ට්ස් කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි. ඔවුන් ක්‍රීඩා කළ සෙසු තරග 2 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර මේ වන විට ඔවුන් රඳවාගෙන සිටින ශූද්ධ ලකුණු වේගය 1.100 කි. 

මීගමුව ක්‍රීඩා සමාජයද තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජය වෙමින් ලකුණු 12 ක් ලබා සිටියද, එහිදී ලබා සිටින ශුද්ධ ලකුණු වේගය (0.921) අනුව ඔවුන්ට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව තිබේ. තරග 80 ක් අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි සෙබස්තියනයිට්ස් කණ්ඩායම මේ වන විට එහි තෙවැනි ස්ථානයේ පසුවන්නේ ජයග්‍රහණ 4 කට හිමිකම් කියමිනි. 

මේ අතර තවදුරටත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර මෙතෙක් සහභාගි වූ තරග 9 න් 6 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ඇති ඔවුහු ලකුණු 14 කට හිමිකම් කියති. එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ තරග 2 ක්ද වර්ෂාවට සේදී ගිය අතර මේ වන විට ඔවුන් 0.965 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටියි. 

බදුරලිය ක්‍රීඩා සමාජය තරග 5 ක් ජයගෙන තරග 2 ක් පරාජය වී ලකුණු 11 කට හිමිකම් කියමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින අතර ජයග්‍රහණ 4 ක බැගින් ලබා සිටින එන්.සී.සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජ ‘බී’ කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථාවල රැදී සිටින්නේ ලකුණු 10 බැගින් ලබා ගනිමිනි. 


අදහස් (0)

සෙබස්තියනයිට්ස් පසු බහිද්දී කෝල්ට්ස් ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.